Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
15
දැඩි බලාපොරොත්තු මධ්‍යයේ තිරගත වූ ඉන්දිය නළු විජෙයිගේ මාස්ටර් බලන්න ගිය කෙනෙකුට කොරෝනා - සිනමා ශාලාවක් ආශ්‍රයෙන් තවත් කොරෝනා පොකුරක්..?

- දැඩි බලාපොරොත්තු මධ්‍යයේ තිරගත වූ ඉන්දිය නළු විජෙයිගේ මාස්ටර් බලන්න ගිය කෙනෙකුට කොරෝනා - සිනමා ශාලාවක් ආශ්‍රයෙන් තවත් කොරෝනා පොකුරක්..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,649 Views
කොවිඩ් 19 ආසාදිතයින් 670 දෙනෙකු අද වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 50,899ක් දක්වා ඉහළ ගියා.
 
ඉන් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 214ක්. කොළඹ මහ නගරසභා සීමාවෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 48 දෙනෙක් පමණයි.
 
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 දෙනෙක් හඳුනාගැණුනු අතර ඉන් ආසාදිතයින් 14 බැගින් මීගමුව සහ වත්තල ප්‍රදේශවලින් වාර්තා වුණා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 90ක් හඳුනා ගෙන තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් වත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 20ක්.
 
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52ක් වාර්ත් වූ අතර ඉන් 26 දෙනෙක් හඳුනාගැණුනේ දැරණියගල ප්‍රදේශයෙන්.
 
ගාල්ල දිස්ත්‍රික්කයෙන්  හඳුනා ගැණුනු ආසාදිතයින් 30 අතරින් බහුතරය හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.
එම සංඛ්‍යාව 23ක්.
 
ඒ අනුව ඊයේ දිනයේ දිස්ත්‍රික්ක 23කින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වී තිබුණා.
 
මේ අතර වාර්තා වූ නව කොවිඩ් මරණ 04ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගියා.
 
එලෙස ජීවිතක්ෂයට පත්වුණේ දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්, ගාල්ල නැගෙනහිර - ගිංතොට පදිංචි 57 හැවිරිදි කාන්තාවක් සහ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි  72 හැවිරිදි පුද්ගලයෙක්.
 
මේ අතර හුදෙකලා තත්ත්වයෙන් මුදාහැරුණු ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පළ කළා.
 
මේ  අතර මෙරට සිදුකෙරෙන PCR ප්‍රමාණයේ අඩුවීමක් ඇති බවට වෛද්‍ය රසායනාගාර වාත්තියවේදීන්ගේ සංගමය සිදුකළ චෝදනාවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පිළිතුරු ලබාදුන්නා.
 
මේ අතර පසුගිය 13 වැනිදා කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් 15  දෙනෙක් සඳහා සිදුකරන ලද PCR  පරීක්ෂණවල වාර්තා ලැබී තිබෙනවා.
 
ඉන් තහවුරු වී ඇත්තේ ඔවුන් කිසිවකුටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවයි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහ ආරක්ෂක අංශය සඳහාද පසුගිය 13 වැනිදා PCR පරීක්ෂණ 448ක් සිදු කර තිබුණා.
 
මේ අතර අද දිනයේද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී PCR පරීක්ෂණ සිදුකෙරෙන අතර තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද ඊට එක්වීමට නියමිතයි.
 
 
මේ අතර ත්‍රිකුණාමලය නගරයේ සිනාමා ශාලාවක ප්‍රදර්ශනය කෙරුණු දෙමළ චිත්‍රපටයක් කැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි ආකරය අප ඊයේ වාර්තා කළ අතර අදාළ පිරිස අතරින් එක් පුද්ගලයකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
 
මේ අතර නාවලපිටිය නගර සභාවේ සුබ සාධක සංගමය පැවැත්වූ ක්‍රිකට් තරගාවලියකින් අනතරුව නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිඩාපිටිය විෂබීජහරණය නොකර පාසල ආරම්භ කල බවට චෝදනා කරමින් මවුපියන් විදුහල්පතිවරයාට විරෝධය පළ කලා.
 
පාසලට ලැබී ඇති විෂබීජනාශක යොදා ගනිමින් පිරිසිදු කිරීම් කල බවට සඳහන් කලද එය පිළි නොගැනීම හමුවේ යළිත් වරක් නාවලපිටිය නගර සභා සේවකයින්  යොදා ගනිමින් ක්‍රිඩා භූමිය විෂබීජහරණයට ලක් කල බව විදුහල්පතිවරයා පවසනවා. 
 
මේ අතර මොණරාගල ප්‍රාදේශීය සභාවේ සේවිකාවකට කොවිඩ් 19 ආසාධනය වී ඇති බව හඳුනා ගැනීමත් සමග විෂබීජහරණයට ලක්කෙරුණු ප්‍රාදේශීය සභාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා.
 
ජෝර්දානයේ සහ ඔස්ට්‍රේලියාවේ සිට ඊයේ රාත්‍රියේ සහ අද අලුයම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැගත් ගුවන්යානා දෙකක් මත්තල  ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළගාවුණා.
 
ඒ අනුව ජෝර්දානයේ අම්මාන් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1206 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 119 දෙනෙක් පැමිණ තිබුණා.
 
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට අද අලුයම මෙරටට ළඟා වූ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 607 දරණ ගුවන් යානයෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින් සංඛයාව 45ක්.
 
මේ අතර රෝහල්ගතවන රෝගීන් අතරින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනව
 
මේ අතර චීනයේ නිෂ්පාදිත කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත මෙරටට ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂා විසින්  චීන ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
 
අදාළ ලිපිය එරට ශ්‍රි ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත පිරිනැමුවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top