විද්‍යාඥයන් 10 දෙනකුගෙන් යුත් මෙම පර්යේෂණ කණ්ඩායම වසංගතය ආරම්භ වීමට සම්බන්ධ පර්යේෂණ ආයතන, රෝහල් සහ මත්ස්‍ය වෙළෙඳසලේ පුද්ගලයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
කොරෝනා වයිරසය මුලින්ම හදුනා ගැනුණේ 2019 වසරේ මධ්‍යම චීනයේ, වූහාන් නගරයෙනි. පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම මෙම පර්යේෂණ කණ්ඩායම සති දෙකක කාලයක් නිරෝධායනය වනු ඇත.
මේ මස මුලදී ඇතිවූ යම් බාධා හේතුවෙන් පර්යේෂකයන් චීනයට ඇතුළුවීම ප්‍රතික්ෂේප කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය.
එහෙත් චීනය කියා සිටියේ එය වරදවා වටහා ගැනීමක් බවත් විමර්ශනය සඳහා වන කටයුතු තවමත් සාකච්ඡා කරමින් සිටින බවත්ය.
චීනය දිගින් දිගටම කියා සිටියේ කොරෝනා පළමු පොකුර වූහාන් නගරයෙන් හදුනා ගැනුණද වයිරසය ඇති වූයේ වූහාන් නගරයෙන් නොවන බවය.
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...