ඊ.ටී.අයි. සමාගමේ සිදුව ඇති මුල්‍ය වංචාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ සම්බන්ධයෙන් වන නඩුව අද පස්වරුවේ යළි විභාගයට ගැනීමට නියමිතයි.
පසුගිය අගහරුවාදා එම නඩුව කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් නියෝග කළේ සැකකරුවන් ඇප ලබාදීමේ නියෝගය ප්‍රකාශයට පත් කරන තෙක් අද දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
අද පෙරවරුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේ, නඩු විභාගය පස්වරු 2 දක්වා කල් දැමුණා.
ETI ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 6.4කට අධික මූල්‍ය වංචාවකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මත ජීවක එදිරිසිංහ,නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ පසුගිය 8 වනදා අත්අඩංගුවට ගැනුණේ බොරැල්ල ප්‍රදේශයේදීයි.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණය නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවති තැන්පත් මුදල් ඔවුන් පෞද්ගලික සුඛවිහරණය සඳහා සාවද්‍ය පරිහරණය කර ඇති බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.