දිනයක් දෙකක් වයසැතයි සැලකෙන බිලිඳු මළ සිරුරක් නිවිතිගල පාරවත්ත ප්‍රදේශයේ ලඳු කැළැවක තිබියදී සොයා ගෙන තිබේ. මෙම සිරුර සුනඛයකු ඩැහැගෙන යද්දී රබර් වත්තක කිරි කැපීමට පැමිණි කාන්තාවක් විසින් දැක සුනඛයා පළවා හැර ඇතැයි නිව්තිගල පොලිසිය පවසයි.
නිවිතිගල පාරවත්ත රබර් කර්මාන්ත ශාලාවට නුදුරින් තිබී මෙම බිලිඳු සිරුර සොයා ගෙන තිබේ.
රබර් වත්තේ කිරි කැපීමට පැමිණි කම්කරු කාන්තාව කිරි කපා අවසානයේ ජල බට සවිකිරීමට යද්දී සුනඛයකු විසින් බිළිඳු සිරුරක් ඩැහැගෙන එන ආකාරය දැක සුනඛයා පළවා හැර ඇතැයි නිවිතිගල පොලිසිය පවසයි.
මෙම බිලිඳු සිරුර දිනක් දෙකක් වයසැති හොඳින් වැඩි තිබුණු සිරුරක් බව පොලිසිය පවසයි. සිරුර සතුන් විසින් කා දැමීම නිසා නරක්ව තිබූ බව ද පොලිසිය සඳහන් කළේය.
එම සිරුර පිටස්තර ප්‍රදේශයකින් ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැකකරයි. නිවිතිගල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී. එස්. ප්‍රේමලාල් මහතාගේ මෙහයවීමෙන් සැරයන්වරුන් වන ප්‍රේමරත්න (21004) ජී. ඒ. ප්‍රේමචන්ද්‍ර කාන්තා පොලිස් කොස්තාපල් (3389) ධම්මිකා කුමාරි යන මහත්ම මහත්මීහු පරීක්ෂණ සඳහා සහභාගී වුහ.
දිවයින