කොවිඩ් අවදානමෙන් අනතුරුව මෙරටදී පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලෙසින් ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරඟය ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
අඛණ්ඩව සිව්වැනි වරටත් ලකුණු සටහන් කරුවන්ට කිසිදු කරදරයක් සිදු නොකළ කුසල් මෙන්ඩිස් සුපුරුදු පරිදි සිය ඉනිම ලකුණු බින්දුවකින්ම නිමා කළා.
ඒ දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරය චාරිකාවට පමණක් සීමා කළ යොවුන් ක්‍රීඩක සන්තුෂ් ගුණතිලක වැනි යොවුන් ක්‍රීඩකයින්ට ලබා දෙන්නට තිබු අවස්ථාවන්
නොසලකා හරිමින් කුසල් ගැන තේරීම් කමිටු සමාජිකයන් සහ පුහුණුකරු තබා තිබෙන විශ්වාසයට දිගින් දිගටම පයින් ගසමින්.
මේ අතර දිගින් දිගටම මෙලෙස ප්‍රදර්ශනය වන කුසල් මෙන්ඩිස්ගේ අසාර්ථකත්වය පිළිබඳව ශ්‍රී ලංකා හිටපු කඩුලු රකින ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු අදහස් පළකලා.
ඒ අද උදෑසන හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහනට සජීවීව එක්වෙමින්.
ඔහු යම්කිසි පසුබෑමක සිටීම හේතුවෙන් මේ අවස්ථාවේ ඔහු විවේක ගන්වා තැබිය යුතු බවයි ප්‍රවීණ ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු ප්‍රකාශ කළේ.
දිගින් දිගටම මෙලෙස අසාර්ථක භාවයට පත්වීම තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අනාගතයට විශාල බලපෑමක් එල්ලකළ හැකි බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
විවේකයක් ලබා දී නැවත මානසිකත්වය සකසා ගැනීමට ඉඩ දිමෙන් අනතුරුව ඔහු නැවත ක්‍රිකට් තරඟ සඳහා එක්කළ යුතු බවයි ඔහුගේ අදහස.
පසුගිය තරඟ කිහිපයකදීම ඔහු ලකුණු නොලබා දැවී ගියද දේශීය ක්‍රිකට්වල ඇති අඩුපාඩුවක් හේතුවෙන් මෙලෙස ඔහුට දිගින් දිගට ඉඩ දී ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ.
මේ අතර ඊයේ දිනයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පන්දුවට පහරදීම පිළිබඳවද ඔහු අදහස් පළකලා.
එහිදී ප්‍රවීණ ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු ප්‍රකාශ කළේ ටෙස්ට් තරඟයක කඩුල්ලේ රැඳී සිටීම කෙරෙහි විශේෂ අවධානයක් පිතිකරුවන් යොමුකළ යුතු බවයි.
එම තත්වය අවබෝධ කරනොගත් ශ්‍රී ලංකා පිතිකරුවන් ඊයේ දිනයේ ක්‍රීඩා කළේ 20 20 තරඟයක් බවයි ඔහු පවසන්නේ.
පිතිකරුවන් අතරින් දසුන් ශානක හැරුණුකොට කිසිදු පිතිකරුවෙක් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා නොකළ බවයි ඔහු පැවසුවේ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධයන් වලට ලක්වීම පිළිබඳව අදහස් පලකළ ඔහු සඳහන් කළේ දින 05ක ටෙස්ට් තරඟාවලියක් පුහුණු තරඟයක් නොමැතිව ක්‍රීඩා කරවීම මෙම තත්වයට හේතුවී ඇති බවයි.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔවුන් දින 05ක තරඟාවලි කිහිපයකට පසුගිය කාලසීමාවේ මුහුණ දීම හේතුවෙන් බවයි ඔහු පවසන්නේ.
ප්‍රථම වගකීම ඔවුන් ටෙස්ට් තරඟාවලියක මානසික මට්ටමකට ගෙන ආ යුතු බවයි ඔහු පවසන්නේ.