පසුගිය බදාදා දින PCR පරීක්ෂාව සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ගේ PCR වාර්තාවට අනුව ඔවුන් ආසාදිතයන් නොවන බවයි සඳහන් වී ඇත්තේ.
මෙම PCR පරීක්ෂණ සිදු කෙරුණේ රාජ්‍ය ආමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට කොවිඩ් 19 ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසුවයි.
ඒ අනුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී PCR පරීක්ෂණ සිදුකිරීම පසුගිය 13 වනදා ආරම්භ වුණා.
ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 15ක් සඳහා එදින PCR පරීක්ෂණ සිදුකෙරුනා.
ඊට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන්, ඇතුළු 448 දෙනෙකුටද අද PCR පරීක්ෂණ සිදුකළ බව පාර්ලිම්න්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අද දිනයේද පාර්ලිමේන්තු සංකීර්ණයේදී යලි PCR පරීක්ෂණ කටයුතු පැවැත්වීමට නියමිතයි.