කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කාලය ඉකුත් වු රථවාහන දඩ පත්‍රිකා සඳහා දඩ මුදල් තැපැල් කාර්යාල මගින් ගෙවීමට ලබාදී තිබූ සහන කාලය අදින් අවසන් වනවා.
එහෙත් කොළඹ නාගරික රථ වාහන පොලිසිය හා පොලිස් හදිසි ඇමතුමි අංශය මගින් නිකුත් කරනු ලැබූ දඩ පත්‍රිකා ගෙවීම සඳහා පමණක් පෙර පැවැති සහන කාලය ලබන මස 08 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලිම පරිදි මෙලෙස සහන කාලය දීර්ඝ කර ඇති බවයි
ඒ අනුව තැපැල් කාර්යාලවල රාජකාරි සිදු කරන කාලවේලාව තුළදි කොළඹ නාගරික රථ වාහන පොලිසිය හා පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් නිකුත් කරනු ලැබු දඩ පත්‍රිකා ගෙවීමට හැකි වනු ඇති.
එසේම, නව ආසාදිතයින් 670 දෙදෙනෙකු ඊයේ දිනයේදී හඳුනා ගැනීමත් සමඟ, මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,899 ක් දක්වා ඉහළ ගියා.
ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්රිත කොරෝනා පොකුර 47,127 දෙනෙකු වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක තවදුරටත් වෛරසය ආසාදනය වූවන් 6,901 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.
ඊයේ දිනයේදී 480 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 43,747 ක් ලෙසයි.
එමෙන්ම, කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 04 ක් ඊයේ දිනයේදී වාර්තා වුණා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 251 ක්. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දුම්මලසූරිය, ගල්ගමුව, ගිංතොට සහ කොළඹ 13 ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වූ බවයි.
47 හැවිරිදි දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියගියේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි තවත් පුද්ගලයෙකු මියගියේ කොවිඩ් නියුමෝනියාව සමඟ සංකූල වූ වකුගඩු රෝගයක් හේතුවෙන්.
වකුගඩු රෝගයත් සමඟ ශ්වසන මාර්ගයේ ඇති වූ ආසාදනයක් හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක්ද ඊයේ දින මියගොස් තිබෙනවා.
ඊට අමතරව කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකුද කොවිඩ් ආසාදනයත් සමඟ ඇති වූ රුධිරය කැට ගැසීම, ලේ විෂවීම, පෙනහළු ආසාදනය සහ අපස්මාරය හේතුවෙන් මුල්ලේරියාව මූලික රෝහලේදී මියගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහනුවරදී ඊයේ ප්‍රකාශ කළා.
බ්‍රිතාන්‍යයෙන් ප්‍රථම වරට හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වුණා.
මේ අතර, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම අද දිනයේත් සිදුකෙරෙනවා.
පෙරේදා දිනයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගේ සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, ඇතුළු 448 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව පාර්ලිම්න්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඔවුන්ගේ එම පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ඉදිරියේදී නිකුත් කිරීමටයි නියමිතව ඇත්තේ.