ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අතරතුර ලෝකයේම අවධානය යොමුවූ ප්‍රේක්ෂකයෙක් පිළිබඳව මේ වනවිට කතාබහක් ඇතිවී තිබෙනවා.
ඔහු නමින් රොබ් ලුවිස්.
පසුගියවර එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ එම තරඟ නැරඹීම සඳහා ඔහු මෙරටට පැමිණ ඇති අතර පසුව ඇතිවූ විවිධ තත්වන සමඟ ඔහුට නැවත එංගලන්තයට යෑමට නොහැකිව සිටිනවා.
ඒ අනුව ඔහු මාස 10ක් තිස්සේ නැවත මෙම තරඟය නැරඹීම සඳහා ගාලු කොටු පවුර වෙත පැමිණෙනවා.
කෙසේ වෙතත් ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් ඔහු ගාල්ල පොලිසිය වෙත කැඳවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඔහු පවසා ඇත්තේ තමා මෙම ක්‍රිකට් තරඟය නැරඹිමේ අපේකෂාවෙන් මෙයට මාස කිහිපයකට පෙරම ලංකාවට පැමිණ සිටි බවයි.
පසුව පොලිස් නිලධාරින් විසින් ඔහුට කරුණු පැහැදිලි කර දීමෙන් අනතුරුව මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ශ්‍රි ලංකා එංගලන්ත ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන කාල සිමාව තුල කොටු තාප්පය මතට යාමට කිසිවෙකුටත් ඉඩ නොලැබෙන බවයි වාර්තාවන්නේ.
ඒ අනුව කොටු පවුරට පිවිසෙන සෑම ස්ථානයකම පොලිස් නිලධාරින් ආරක්ෂාවට යොදවා ඇති බවයි වාර්තාවන්නේ.