නව ප්‍රභේදය ගැනත් කියයි.....
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ දෙවන වසර වන මේ වසර වඩාත් අනතුරුදායක විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහි හදිසි සේවා අංශ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් ජිනීවා නුවරදී කියා සිටියේ විශේෂයෙන් සීඝ්රයෙන් පැතිර යන නව වෛරස් ප්‍රභේදය එහි අනතුරුදායක බව ඉහළ නංවා ඇති බවයි.
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට නම කෝටි විසිඅට ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව දහනව ලක්ෂ 88,000 කට අධිකයි.
කෙරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහන් ලොව රටවල් රැසක් ආරම්භ කර ඇති නමුත්, වෛරසයට එරෙහි ගෝලීය ප්‍රතිශක්තියක් ගොඩනැගීම මේ වසරේදී අපේක්ෂා කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර ප්‍රකාශ කළා.