ඒ වගේම දාම ඝාතකයින් ගැන නිර්මාණය වුනු සිනමා පට නරඹන්නත් බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා.
"මිනිසා ස්භාවයෙන්ම ක්‍රියාදාමයන්ට සහ බිහිසුණූ දේට කැමැතියි" කියන කතාන්දරය ඇත්තක් වෙන්නේ එහෙමයි...
කොහොම වුණත් අපි අද ඔබට කියන්න හදන්නෙත් එවැනි දාම ඝාතකයෙකු ගැන අදහන්න බැරි විදිහේ අමුතුම කතාන්දරයක්.
'Beast of Belgravia' එහෙම නැත්තම් Belgraviaවේ මෘගයා විදිහට හඳුනා ගැනෙන මේ කෲර ඝාතකයා වසර 45ක සිර දඬුවම් නියම වීමෙන් අනතුරුව නිදහස ලබන්න යන පුවතක් "ද සන්" වාර්තා කර තිබෙනවා.
නිදහස ලැබීමෙන් අනතුරුව "කෲර ඝාතකයා ලන්ඩන් වීදිවල නිදහසේ සැරිසරනු ඇති" බවට දැනටමත් බොහෝ දෙනා මත පළ කරන්න පටන් අරන්.
මේ ඝාතකයා විසින් මරණය අත් කර දුන් පිරිස ගණනින් 11 කටත් වැඩියි.
68 හැවිරිදි පූජකයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත ඔහුව මුලින්ම අත්අඩංගුවට පත් වුනු අතර අනතුරුව ඔහු මීට ඉහත කරන ලද සියලු අපරාධ වමාරන්නට වුණා.
ඔහු ඔහුගේ අපරාධ සිදු කිරීම ගැන "නිදහසට කාරණාව" වශයෙන් සඳහන් කරලා තිබුණේ, "මෙය තමන්ගේ දෛවය" එහෙම නැත්තම්, "තමන්ගේ රාජකාරිය මිනීමැරීම" බවයි.
ඔහු තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා කරන ලද ඉල්ලීම් කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප වී ඇති අතර, ඔහු "නිදහස් වුවහොත්" කැළඹීමක් ඒකාන්තයෙන්ම ඇති වනු ඇති බවට ජනතාව චෝදනා නඟනවා.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රචකයෙකු සඳහන් කර තිබුණේ මේ ඝාතකයාට තමන් කළ දේවල් ගැන කිසිදු "පසුතැවීමක් හෝ දුකක්" නොමැති බවයි.
එසේම ඔහු පසුතැවිලි වෙන එකම කරුණ, සිරගත වීමට සිදු වූ සිද්ධිය පමණක්ම බවද එම ලේඛකයා සඳහන් කරනවා.