එහිදී සුනඛයාගේ හිමිකාරිණිය විසින් සුනඛයා විසින් දරුවාගේ සපා කෑ ස්ථානය පිරිසිදු කර පසුව දරුවාගේ නිවසට ගොස් දරුවා මව්පියන් වෙත භාරදී තිබෙනවා.
අනතුරුව දරුවාගේ භාරකරුවන්ට සිදුවීම පහදා සුනඛයාට ජලභීතිකා එන්නත ද එන්නත් කර ඇති බව පවසා අදාළ කාඩ්පත සොයා තබා සුනඛයා කූඩුවට දමා බැඳ තබා ඇති බවයි සඳහන් වන්නේ.
අනතුරුව රාත්‍රී 11.30ට පමණ සුනඛයාගේ කූඩුව දෙසින් ඇසුණු ශබ්දයක් පිළිබඳව සෝදිසි කිරීමේදී කිසියම් අයෙකු විසින් සුනඛයාට වෙඩි තබන අයුරු දැක තිබෙනවා.
එහිදී අදාළ වෙඩිතැබීම සිදුකල පුද්ගලයා සුනඛයා විසින් සපා කෑ දරුවාගේ පියා බවට තමන් හඳුනාගත් බවයි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
පසුදින උදෑසන අදාළ දරුවාගේ මව පැමිණ උණ්ඩ සහ සුනඛයාගේ සිරුර රැගෙන යාමට උත්සහ දරා ඇතිබවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් එය නිවෙස් හිමියන්ගේ මැදිහත්වීමෙන් ව්‍යර්ථ වී ඇති අතර ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
සිදුවීමෙන් අනතුරුව වෙඩිතැබීම සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර මියගිය සුනඛයාගේ හදිසි මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.