වෙබ් අඩවියක් ඔස්සේ මෙම කාන්තාවන් ගනුදෙනුකරුවන් සොයාගෙන ඔවුන් කැඳවාගෙන යන ලැගුම්හල් 15 ක් පිළිබඳව ද පොලිසිය මේ වනවිට තොරතුරු සොයාගෙන ඇති අතර එම ස්ථාන වැටලීමට ද පුළුල් විමර්ශන පවත්වාගෙන යයි.
අන්තර්ජාලය ඔස්සේ මෙම ගණිකාවන් සමග සම්බන්ධතා පැවැත්වීමට පාසල් වයසේ තරුණ පිරිමි දරුවන් ද සම්බන්ධ වී සිටින බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
කොරෝනා වසංගතය නිසා පාසල් දරුවන් මේ දිනවල වැඩි වශයෙන් අන්තර්ජාලය ඔස්සේ අධ්යාපන කටයුතුවල නිරත වන අතර තරුණ පිරිමි දරුවන් මෙම වෙබ් අඩවිය ඔස්සේ ගණිකාවක් තෝරාගෙන ඔවුන් අසුරුකිරීමට පෙළඹී ඇති බව ද පොලිසිය පවසයි.
මීට දින කීපයකට පෙර බම්බලපිටිය ප්රදේශයේදී පාසල් වියේ පිරිමි දරුවකු ගණිකාවක සමග සම්බන්ධ වී ඇති අතර මුදල් ප්රශ්නයක් නිසා එම දරුවා ගණිකාවගෙන් මිදී පළායන්නට උත්සාහ කිරීමේදී ගොඩනැඟිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලබා තිබිණි.
මේ අතර අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කතා කරගෙන ගණිකා වෘත්තීයේ යෙදෙන කාන්තාවන්ගෙන් වැඩි දෙනකුට විවිධ සමාජ රෝග මෙන්ම කොරෝනා වෛරසය ද වැළඳී ඇති බව පොලිසිය කියා සිටි.
වෙබ් අඩවියක් ඔස්සේ කෙරෙන මෙම ජාවාරම නතරකිරීම සඳහා පොලිසිය මේ වනවිට අධිකරණයේ සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටියි.
බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. ඩබ්ලිව්. පුෂ්ප කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ප්රධාන පොලිස් පරීක්ෂක ජේ. ආර්. ලක්ෂ්මන් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "දිවයින" පුවත්පතෙන්...
මේ අතර, අනුරාධපුරයේ කලක පටන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලීසිය සමත්ව තිබෙනවා.
මෙම ගණිකා නිවාසය සංචාරක නිකෙතනයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ගැනුම්කරුවන් ගේ අවශ්යතා අනුව දුරකථන ඇමතුම් හරහා විවිධ මිල ගණන් යටතේ මෙම ජාවාරම සූක්ෂම ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි වැඩිදුර තොරතුරු අනාවරණ වී ඇත්තේ.
මේ අතර ගණිකා සේවයේ නිරත වූ කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 23 සහ 41, 43 යන වයස්වල පසුවන්නන්.
මෙම කාන්තාවන් වවුනියාව, කැබැතිගොල්ලැව,සහ දේවානම්පියතිස්සපුර යන ප්රදේශවල පදිංචිකරුවන්.
පොලීසිය සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාවන් අතර වයස අවුරුදු 23ක කාන්තාව මාස 08 ගැබිනියක් බවයි.
එමෙන්ම සංචාරක නිකෙතයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයේ හිමිකරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 41 පිරිමි පුද්ගලයෙකු වන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 02ක් සහ මිලිග්රෑම් 230ක්ද පොලීස් භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.