ගතවු පැය 24 ක කාලය තුල මුහුණු ආවරණ නොපැලඳි හා සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයන් 28 දෙනෙකු බස්නාහිර පළාතෙන් පිටතදී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ අනුව ඔක්තෝම්බර් 20 වනදා සිට මේ දක්වා කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 2490 ක්.
මේ අතර ජනවාරි 05 වනදා සිට බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ මෙහෙයුම් වලදී නිරෝධායන නීති කඩ කල බවට හඳුනා ගත් පුද්ගලයන් 137 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.