Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
"ඒ වටිනා බැඳීමට පළුද්දක් නොවෙන්න කලා ජීවිතය අතාරින්න වුණොත් දෙපාරක් හිතන්නේ නැහැ මම ඒක කරනවා..." - සුරංගනා රණවක

- "ඒ වටිනා බැඳීමට පළුද්දක් නොවෙන්න කලා ජීවිතය අතාරින්න වුණොත් දෙපාරක් හිතන්නේ නැහැ මම ඒක කරනවා..." - සුරංගනා රණවකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,271 Views
වරදක් නැහැ. ජීවිතයට හරිම සතුටින් මුහුණදෙනවා. කොරෝනා දෙවැනි රැල්ල එන්නට පළමුව මම අරුණ ජයවර්ධනගේ ‘හැපි බර්ත්ඬේ’ චිත්‍රපටයේ අවසාන රූගත කිරීම්වලට සහභාගි වුණා. නුදුරු දිනෙකදි එය තිරගත වේවි කියා හිතෙනවා.

කොහොමත් ඔබ මාධ්‍ය තුළින් මඳක් ඈත්ව සිටීමට උත්සාහ කරනවා නේද?
එහෙමමත් නැහැ. හැබැයි මම පලකට නැති දේ කියන්න කරන්න මාධ්‍ය භාවිතා කරන්නේ නැහැ. මාධ්‍ය හරහා කතා කරන්නට නම් එයට හේතුවන යමක් මා කළ යුතුයි. කලාකරුවන් ලෙස අප යම් නිර්මාණයකට දායක නොවන විට ප්‍රේක්ෂකයනට වාගෙම මාධ්‍යවලටද අපව අමතකව යනවා. මේ කලාවේ හැටි එහෙමයි. නිදසුනක් දෙනවා නම් අලිමංකඩ චිත්‍රපටයෙහි රඟපෑමෙන් පසු මට මගේ දුව ලැබුණා. එයට පසු බොහෝ කාලයක් ගෙවුණේ ඈ සමඟයි. ඒ ගෙවුණු කාලය තුළ මාව බොහෝදෙනකුට අමතක වූ බවයි මට හැඟුණේ. එය අමුතු දෙයක් නෙමෙයි. රංගන කලාවේ ස්වභාවය එයයි. ඒ වගේම කතාකරන්නට යමක් නැති නම් මම මාධ්‍ය පසුපස ගොස් කතා කරන්නට අවස්ථාව ඉල්ලන්නේද නැහැ. යම් මාධ්‍යයක් විසින් මට ආරාධනය කළහොත් මම ඔවුන් හා කතාබහ කරනවා.

ඔබ රියැලිටි ෂෝ ප්‍රතික්ෂේප කරනවාද?
එහෙම ප්‍රතික්ෂේප කිරීමක් සිදුවන්නේ නැහැ. ආරාධනා කරනවා නම් ඒ ගැන සලකා බලනවා. මෙතැනදීද මම කියන්නේ කතා කරන්නට යමක් නැති නම් රියැලිටි ෂෝ එකකට ගිහිල්ලා වුණත් මම මොනවා කියන්නද?

ඔබ තරු විලාසිතාවට අකමැති රංගවේදිනියක්ද කියා අහනවා නම්?
මම තරුවක් කියා මම කවදාවත් හිතන්නේ නැහැ. අනික නිළියක් කියන්නේ ‘තරුවක්’ කියන එක නෙමෙයි. චරිතාංග නිළියක් කියන්නේ එක් අයෙක්. ඒ අය තමන්ට කරන්න පුළුවන් චරිතයකට ආරාධනා ලැබුණාම, ඒ චරිතයට අවශ්‍ය සාධාරණය කරනවා. එය එතැනින් ඉවරයි. ඉන් පසු ඔවුන් මහපොළොවේ පය ගහල ජීවත්වන සාමාන්‍ය සරල චරිත පමණයි. තරුවක් කියන්නේ ඊට එහා ගිය කෙනෙක්. ඒ අය පොළොවේ පය ගහලා ජීවත්වෙන චරිතවලට වඩා ටිකක් ඉහළින් සිටින අය. තරුවක් ලෙස තම නම තබා ගැනීමට ඔවුනටද ලොකු කැප කිරීමක් කරන්නට තියෙනවා. තමන්ගේ පෙනුම ගැන ඇඟපත ගැන අඳින පලඳින දේ ගැන, යන එන තැන් සහ කරන කියන දේ ගැන ඔවුන් පමණට වඩා සිතිය යුතුයි. අන්න ඒ සිතුවිල්ල තුළ ඒ අයට ඒ අයගේ තරු ස්වභාවය සමඟ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට අපහසුයි. ඇත්තෙන්ම ඒ කාරණය සංකීර්ණයි. ඒ සංකීර්ණත්වය මම මගේ ජීවිත රටාව තුළ අනුමත කරන්නේ නැහැ. මොකද මම බොහොම සරල කෙනෙක්. ඒ වගේම මට තියෙන්නේ මධ්‍යම පාන්තික පසුබිමක්. ඒ මධ්‍යම පාන්තික පසුබිම තුළ මම මගේ දුව සමඟ හරිම සරලව ජීවත් වෙනවා.

දුව වෙනුවෙන් කළ කැපකිරීම් තුළදී ඔබට සිනමාවේ යම් සුවිශේෂී අවස්ථා අහිමිව ගියාද?
සමහර විට වෙන්නට පුළුවන්. හැබැයි මට ඒ ගැන දුකක් නැහැ. යමක් අතහැරුණෙ එයට වඩා වටිනා යමක් තදින් අල්ලා ගන්නට ගිහින් නම් අර අත ඇරුණ දේ ගැන දුක්විය යුතු නැහැ. මං හිතන විදිහට මගේ දුව කියන්නේ මගේ ජීවිතයේ වටිනාම දේ. ඒ වටිනා බැඳීමට පළුද්දක් නොවෙන්න කලා ජීවිතය තුළ මට යමක් අතාරින්න වේ නම් දෙපාරක් නොසිතා මම එය කරනවා. ඉහත කීවා සේම තරුවක් නොවන සරල ජීවිතයකට මා ප්‍රවිෂ්ට වීමට පළමු හේතුව වූයේද මගේ ආදරණීය දුවයි. තරුවක් ලෙස කලාවට පිවිසෙන්නට මම සිතුවා නම් බොහෝ විට මගෙන් ඇයට ලැබෙන්නට තිබූ දේ තුළ හිස්තැන් ඇතිවීමට ඉඩ තිබුණා.

චන්ද්‍රරත්නම් ඔබව අලිමංකඩට තෝරා ගත්තේ ඔබ සරල බවට ප්‍රිය කළ ස්වරූපය නිසාද?
චන්ද්‍රරත්නම් කියන්නේ මම වැඩ කළ ෆිල්ම් ලොකේෂන් එකේ චෙයාමන්. අලිමංකඩට ඔහු මාව තෝරාගත්තේ කිසිදුම චිත්‍රපටයක ඊට පළමුව මා කළ රංගනයක්වත් නොදැකමයි. ‘ඔහුට මා ගැන දැනුණේ. මට මෙය කළ හැකිය යන අදහස හිතට ආවේ කෙහොමදැයි කියන්න මම අදටවත් දන්නේ නැහැ. අලිමංකඩ නිර්මාණය සඳහා චන්ද්‍රරත්නම් බොහෝ කල්යල් බැලුවා. චිත්‍රපටය ආරම්භ කිරීමට ඔහු ඇමෙරිකාවේ සිට පැමිණි පළමු දවසෙමයි ෆිල්ම් ලොකේෂන් එකේ කාර්යයෙහි යෙදී ඉන්න මාව දුටුවේ. නිළියක හෝ තරුවක විදියට එදා ඔහුට මාව පෙනුණේ නැහැ. සාමාන්‍ය කෙල්ලක ලෙස තමයි කමලා වේලයිගන්ගේ චරිතය වෙනුවෙන් මගේ පෙනුම සහ ස්වභාවය ඔහුගේ හිතට වැදුණේ. කපිතාන්ගේ චරිතයට අශාන් ඩයස්ව ඔහු තෝරාගත්තේද අහම්බයෙන් වාගේ. ඔය චරිත දෙකෙටම වෙනත් කලාකරුවන් තෝරා ගන්න සැලැසුමක් තිබුණා. නමුත් චන්ද්‍රරත්නම් කියන ප්‍රවීණ නිර්මාණකරුවාගේ ඇහැ නැවතුණේ මම සහ අශාන් ඩයස් ළඟයි. එය ඔහු ගත් අවදානමක්. ඇතැම් ප්‍රවීණයන්ද ඔහුට අදහස් දී තිබුණා. අලිමංකඩට නවකයන් තෝරා ගැනීම තරමක අවදානමක් කියා. නමුත් ඔහු එයින් සැලුණේ නැහැ. තම මෙහෙවර නිර්භයව දියත් කළා.

අනෝජා වීරසිංහ යටතේ වැඩමුළු සඳහා සහභාගි වීම, අලිමංකඩ රංගනය සඳහා ඔබට පන්නරයක් වුණා නේද?
සත්තකින්ම ඔව්. අනෝජා වීරසිංහ ගැන කතාබහ කරනකොට මම ඇයව නම්කරන්නේ ‘අනෝජා ටීචර්’ කියන ගරු නාමයෙන්. ඇත්තටම මගේ ගුරුවරිය ඇයයි. ඈ යටතේ මා ලද දැනුම ෆිල්ම් ඇකඩමියකින් ලබාගත් දැනුමට වඩා ඉහළයි. වැඩමුළුව තුළ ඉගෙනුම ලබන අවධියේම තමයි ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ට්‍රෝජන් කාන්තාවන්’ සඳහා ඈ විසින් මා ඔහු වෙත නියෝජනය කළේ. කලාකාරියක ලෙස වාගේම ඇයට මම පුද්ගලිකවද ඇලුම් කරනවා. ගරු කරනවා. ඇගේ සරල ජීවිත රටාව හරිම අපූරුයි. ඒ සරල බව හරහා ඈ දිනාගෙන තියෙන දේ කොයිතරම්ද? ඇත්තටම මම ඇයගෙන් මගේ රංගන ජීවිතයට වාගේම පුද්ගලික ජීවිතයටද බොහෝ දේ එකතු කරගත්තා. තවත් ඒ වාගේ ප්‍රවීණ දෙපළක් ගැන මෙහිදී ගෞරවනීයව සිහිකරන්නට කැමැතියි. ඒ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ සහ දිල්හානි අශෝකමාලා, දක්ෂ චරිතාංග නිළියන් වූ ඔවුන්ගේ පුද්ගලිකත්වය ඉතා සරලයි. උසස්ය කියා පාරට්ටුවට සිටින බොහෝදෙනකු වඩා අයිරාංගනී සේරසිංහ වැනි ප්‍රවීණත්වයට පත් සරල පිරිස තුළ අප වැන්නවුන්ට ගත හැකි දෑ බොහෝ තියෙනවා. දිල්හානිද එලෙසමයි. ඔවුන්ව ඇසුරු කිරීමෙන් මා ලබන පන්නරය අමිලයි.

රංගනය සඳහා ඔබ බාරගන්නේ ප්‍රධාන චරිත පමණද?
නැහැ. යමක් කළ හැකි නිර්මාණයක් වේ නම් ඇරයුම ලැබෙන චරිතයෙහි ලොකු කුඩා බව මම තකන්නේ නැහැ.

ඔබ වඩා ප්‍රිය රංගනයට වඩා තිර රචනය සහ අධ්‍යක්ෂණයට?
ඔව්. රංගනයට වඩා මම කැමැති ෆිල්ම් එකක බැක් ග්‍රවුන්ඞ් එකේ වැඩ කරන්න. කට්ට කාගෙන මම එය හරිම තෘප්තියෙන් කළා. චිත්‍රපටයක් නිමවන ආකාරය දිහා බලා ඉන්නකොට මට ආසා හිතුණු මුල්ම දේ වුණේ තිර පිටපතක් රචනය කිරීම සහ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමයි. හැබැයි තවම මට ඒ විෂය හරියටම සෙට් වුණේ නැහැ. දැන් දැන් ෆිල්ම් ඉන්ඩස්ටි්‍රයට වඩා ටෙලි කලාව සමීපයි වාගේ. ඒ නිසා සමහර විට ඉදිරියේදී මම අතගහන නිර්මාණය ටීවී වැඩක් වෙන්නත් ඉඩ තියෙනවා.

චිත්‍රපට කලාව ගැන යම් කලකිරීමක් ඔබ තුළ තියෙනවද?
අයියෝ නැහැ. අනික ඇයි මම චිත්‍රපට කලාව ගැන කලකිරෙන්නේ. චන්ද්‍රරත්නම් වැනි උසස් නිර්මාණකරුවකු හරහා මා ගත් ආරම්භය සාර්ථකයි. තරුවක් නූනට චරිතාංග නිළියක ලෙස ‘සුළඟ අප රැගෙන යාවි’ වැනි නිර්මාණ හරහා මම ප්‍රේක්ෂකයනට දැනෙන යමක් කළා. ලැබෙන සුළු චරිතය පවා මම කළේ ලොකු ආත්ම විශ්වාසයකින්. ඒ විශ්වාසය මා සාර්ථක කළා. තවදුරටත් මම හොඳ චරිතයකට ආරාධනා ලැබුණහොත් එය බාරගෙන සුපුරුදු විශ්වාසය තුළ මා සතු සාර්ථකත්වය ගොඩනඟා ගන්නවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top