ලෝකෙම අවධානය යොමු වූ දෙවරක් දෝෂාභියෝගයකට ලක්වූ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් පරාජයට පත්ව තිබෙනවා.
ඡන්ද 232ක් ඔහුට විරුද්ධව ලැබුණු අතර පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 197ක් පමණයි.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ද ඔහුට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.
මෙම ඡන්දයේදී මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ දෙවරක් දෝෂාභියෝගයකට ලක්වූ පළමු ජනපතිවරයා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්.
මෙම පරාජයත් සමග සෙනෙට් සභාව තුළ පැවැත්වෙන චෝදනා විභාගයකට මුහුණදීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදුවනු ඇති.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔහු එළඹෙන 20 වනදා ජනපති ධුරයෙන් ඉවත් වූ පසු එම කටයුතු පැවැත්වීමට නියමිත බවයි.
එමගින්ද ඔහු වැරදිකරු බවට පත්වුවහොත් ඔහුට නැවත වරක් ඇමෙරිකානු ජනපතිවරණයකට ඉල්ලීමට ඇති අවස්ථාව අහිමි වනු ඇති.
මෙම දෝෂාභියෝගය ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කෙරුණේ පසුගියදා ඔහුගේ ආධාරකරුවන් කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාවත් සමගයි.
එම සිදුවීමේදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් 5 දෙනෙකුට දිවි අහිමි වූ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තාකළේ.