අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබූ නඩුව ඊයේ අවසන් වූයේ ඔහුට බරපතළ වැඩ සහිත වසර 4ක සිර දඬුවම් නියම කරමින්.
මෙම නඩුවට පාදක වන ප් රශ්නගත ප් රකාශය තුළින් විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොතිබූ බව නඩු විභාගයේදී රන්ජන් රාමනායක සිය විත්තිවාචකය මගින් සඳහන් කර තිබුණාග
කෙසේවෙතත් ඊයේ දිනයේදි සිරදඩුම් නියමවු රංජන් රාමනායක අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදි සඳහන් කළේ මෙවැන්නක්.
බන්ධනාගාර නිලධාරීන් විසින් රංජන් රාමනායක ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාර පරිශ් රය වෙත රැගෙන එනු ලැබු අතර පසුව ඔහු නිරෝධායනය සඳහා මීගමුව - පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ් යස්ථානයට රැගෙන ගියා.
මේ අතර, වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියමවූ රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත් රී ධුරය අහෝසිවන බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කළා.
ඒ, අදාළ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී.
ආණ්ඩුක් රම ව් යවස්ථාවේ 89 ව් යවස්ථාවේ සිට 91 දක්වා ව් යවස්ථාවල ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර තිබෙනවා.
ආණ්ඩුක් රම ව් යවස්ථාවේ 91 වන ව් යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත් රීවරයෙකු වශයෙන් තෝරා පත්කර ගැනීමට වන නුසුදුසුකම් සඳහන් වනවා.
ඒ, 89 වන ව් යවස්ථාවේ දක්වා ඇති නුසුදුසුකම් සඳහා යටත්වීමට අනුකූලවයි.
89 වන ව් යවස්ථාවේ ඈ ඡේදයේ දැක්වෙන්නේ “යම්කිසි තැනැත්තෙකු අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර හෝ අධිකරණයක් මගින් වරදකරු කරනු ලැබීමෙන් පසුව, නියම කරනලද 6 මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටීනම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත් රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයකදී ඡන්ද හිමියෙකු වීමට හෝ ජනමත විචාරණයකදී ඡන්දය දීමට සුදුස්සෙකු වන්නේ නැහැ“ යනුවෙනුයි.
ඒ අනුව 91 වන ව් යවස්ථාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 89 වන ව් යවස්ථාවේ සඳහා අදාළ නුසුදුසුකම්වලට යටත්වන්නේ නම් එම තැනැත්තා පාර්ලිමේන්තු මන්ත් රීවරයෙකු වශයෙන් තෝරා පත්කර ගැනීමට හෝ අසුන් ගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්දය භාවිත කිරීමටද නුසුදුසු බවයි.
ඒ අනුව රංජන් රාමනායකගේ පුරප්පාඩු වූ මන්ත් රී ධුරය සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත් රීවරයෙකු වන අජිත් මාන්නප්පෙරුම මහතාට හිමිවනු ඇති බවට තොරතුරු වාර්තා වනවා. VIDEO