“කිසි මොහොතක එයට ප්රතික්රියා කිරීමට උත්සහ නොකරන්න !
ලෝකයාට මුහුණ දීමට බිය නොවන්න.!!”
කාවින්ද්යා අධිකාරි කියන්නේ අද වෙනකොට කවුරුත් දැන අඳුනන චරිතයක්. ගායන ශිල්පිනියක් විදිහට වගේම රංගන ශිල්පිනියක් විදිහටත් ඇය දස්කම් දැක්වූ අයෙක්...
ඉතින් සමාජ මාධ්ය තුළ නිතරම වගේ කතාබහට ලක්වන කාවින්ද්යා, ඇගේ ඉන්ස්ට්ග්රෑම් ගිණුමට එක් කර තිබූ සටහනක් තමයි මේ....
ඔබ කෙතරම් යහපත් දේ කිරීමට උත්සාහ කළත්, සමහර මිනිසුන්ට ඔබ ගැන කීමට බොහෝ වැරදි ඇත. නමුත්, ඔබ ඒ ගැන නොසිතා තමන් ගෙ ජීවිතේ තමන්ට හොඳ විදිහට නමුත් වෙනකෙකුට කරදරයක් නොවන ලෙස තමන්ගේ පාඩුවේ ජීවත්වන්න. කිසි මොහොතක එයට ප්රතික්රියා කිරීමට උත්සහ නොකරන්න.මොකද, තමන් කරන හොඳ කෙනෙක් උඩ ඉඳන් බලන් ඉන්න අතර ඔහු සැමවිටම ඔබව නිවැරදි මාවත කරා මෙහෙයවනු ඇත. ජීවිතේ කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමන්ට තමන් විතරයි කියලා හිතලා ජීවිතයට මුහුණ දෙන්න ඉගෙනගන්න. ලෝකයාට මුහුණ දීමට බිය නොවන්න. ඔබ හිතනවාට වඩා ඔබ ශක්තිමත් බව සැමවිටම දැනගෙන ජීවත්වන්න !!