Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
13
“අපි උගේ රූපෙට රැවටුණා..” - පෙම්වතියන් තිදෙනෙකුම ඇසුරු කළ එක්දරු පියෙක් වුනු සමන්, Whatsapp හරහා කරපු නොමනා සෙල්ලම අතේ පත්තු වෙයි - තරුණියන් දෙදෙනෙක්ම ඇවිත් පොලිසියට හෙළි කරපු කතාව

- “අපි උගේ රූපෙට රැවටුණා..” - පෙම්වතියන් තිදෙනෙකුම ඇසුරු කළ එක්දරු පියෙක් වුනු සමන්, Whatsapp හරහා කරපු නොමනා සෙල්ලම අතේ පත්තු වෙයි - තරුණියන් දෙදෙනෙක්ම ඇවිත් පොලිසියට හෙළි කරපු කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,516 Views
කෙල්ලෝ දෙන්නෙක්ම කෙහෙවලු පටලවගෙන......
තරුණයා කොටු කරගත්තූ පොලිසියේ අමුතුම මෙහෙයුම මෙන්න..!
 
කඹුරුපිටිය පොලිස් බල ප්රදේශයේ පදිංචි සමන් වයස අවුරුදු විසිපහක් වන විවාහකයෙක්. එක් දරු පියෙකු වන මොහුට විරුද්ධව තරුණියන් තිදෙනෙක් දෙවතාවකට පැමිණ කඹුරුපිටිය පොලිස් පොතේ පැමිණිලි සටහන් කර තිබුණා.
 
ඒ තම නිරුවත් ඡායාරූප හා ඔහු සමඟ ලිංගික සබඳතා පවත්වද්දි ඔහු විසින් ගන්නා ලද වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර හිංසනයට ලක් කළ බව කියමින්.

කඹුරුපිටිය පොලිසිය මූලික විමර්ශන ඇරඹීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන මාතර, තංගල්ල කොට්ඨාශ තොරතුරු තාක්ෂණ ඒකකයට පවරන්නේ එය අන්තර්ජාලය අපරාධයක් වන නිසායි.
 
තොරතුරු අනුව පැමිණිලි කරන ලද තරුණියන් තිදෙනා අවුරුදු 18, 20, 24 වැනි වයස්වල පසුවනවා.
 
තරුණියන් දෙදෙනෙක් වෙනමත්, එක් තරුණියක් තනිවමත් පැමිණිලි කර තිබුණා.
 
මේ තිදෙනා දන්නා හඳුනන තරුණියන් නොවන මුත් පැමිණිලි කිරීමට එකට ආ දෙන්නා හඳුනාගෙන තිබුණේ මේ පෙම්වතා හරහා යි. ඒ ඔහු නොයෙක් අවස්ථාවල අන්තර්ජාලය හරහා කරගෙන ගිය සමහර කටයුතු නිසායි.
 
මේ තිදෙනාගේ පෙම්වතාට කියන්නට තරම් හොඳ රැකියාවක් තිබුණේ නැහැ. එහෙත් දුටුවන් වසඟ කර ගත හැකි පෙනුමක් තිබුණා. මේ තිදෙනාම රැවටී ඇත්තේ ඒ පෙනුමටයි.
 
මොහු විවාහකයෙකු බව තිදෙනාම දැන සිටියේ නැහැ. කල් ගත වෙද්දි දැනගන්නා නමුත් එක් අයෙකු වත් මොහුගෙන් ඈත් නොවන්නේ පෙනුමට බැඳී ප්රේමය එතරම් ම ශක්තිමත් වූ නිසායි.
 
මේ කෙල්ලන් ගෙදරින් එන්නේ පන්ති යන බව කියමිනුයි. ඒ සඳහා මවුපියන් මුදල් ද ලබා දෙනවා.
 
රැකියා විරහිත මොහු කෙල්ලන් සමඟ කාමරවල ගොස් කම් සැප විඳින්නේ කෙල්ලන්ගේ මුදල් වලිනුයි. එනම් පන්ති යන්නට අම්මා දුන් මුදල්වලින් කාමර කුලිය ගෙවා තිබුණා.
 
මෙලෙස කාමරවලට ගිය මොහු එම තරුණියන්ගේ ඡායාරූප ලබාගෙන ඔවුන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වා වීඩියෝ කර ඇත්තේ කෙල්ලන්ගේ ද අකැමැත්තකින් තොරවයි.
 
මේ අයුරින් එකිනෙකාට බොරු කියමින් කෙල්ලන් තිදෙනෙකු ඇසුරු කරද්දි ඒ බව ආරංචි වූ කෙල්ලන් එකිනෙකා කෙහෙවලු පටල ගත්තා. දෙදෙනෙක් මෙසේ කෙහෙවලු පටලවා ගත්තත් එකියක් පාඩුවේ හිටියේ ඇත්ත තේරුම් ගෙන විය යුතුයි.
 
මේ ගැටුම්වල ප්රතිඵලය වූයේ කෙල්ලන් තිදෙනාම මොහු මඟ අරින්නට වීමයි. එහෙත් මොහු මේ තිදෙනාට එලෙස පාඩුවේ ඉන්නට දුන්නේ නැහැ. වහා පැමිණ තමා හමුවන ලෙසත් නැතිනම් ඡායාරූප හා වීඩියෝ මුදාහරින බවටත් එක් තරුණියකට තර්ජනය කර අන්තර්ජාලය හරහා කෙටි පණිවුඩ යවන්නට පටන් ගත්තා.
 
එලෙසම අනිත් දෙදෙනාටත් ඒ දේම කළ මොහු තිදෙනාගේම වට්ස්ඇප් ගිණුම්වලට එම නිරුවත් වීඩියෝ දර්ශන එවා අන්තර්ජාලයට මුදා හරින බව කියා තර්ජනය කරන්න පටන් ගත්තා.
 
මොහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කරන්නේ හමුවන ලෙසට තර්ජන කරමිනුයි. විමර්ශන කණ්ඩායම එක් තරුණියකට පවසන්නේ ඔහු ප්රතික්ෂේප නොකර හමුවීමට කැමැත්ත ප්රකාශ කරන ලෙසයි.
 
ඒ අනුව ඔහු පැමිණෙන මඟ රැකවල්ලා සිටි කඹුරුපිටිය පොලිසියේ කණ්ඩායමකුත් තොරතුරු තාක්ෂණ ඒකකයේ කණ්ඩායමකුත් ත්රීරෝද රථයකින් ආ මොහුව අත්අඩංගුවට ගත්තා.
 
අල්ලා ගත් වහාම කළේ මොහු සතු දුරකථනය පිරික්සීමයි. මොහු සතුව ස්මාර්ට් දුරකථන තුනක් තිබුණා. ඉන් දෙකක් ඇපල් වර්ගයේ වන අතර අනෙක ඇන්ඩ්රොයිඩ් එකක්. ඒ තුනෙන් එක් ඇපල් දුරකථනයක තරුණියන්ගේ ඡායාරූප මෙන්ම ලිංගික සබඳතා පැවැත්වූ වීඩියෝ රැසක් තිබී හමුවුණා.
 
පොලිසිය මොහු අත්අඩංගුවට ගන්නේ ද දණ්ඩනීති 345 වගන්තියට අනුව ලිංගික අතවරය, අසභ්ය ප්රකාශන පනතට අනුව අසභ්ය ඡායාරූප හා දර්ශන සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේයි.
 
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මොහුගේ බිරිය පොලිසියට පැමිණි අතර ඇය ඉදිරියේ මොහු හැසිරුණේ සුවච කීකරු බලු පැටවෙකු ලෙසයි.
 
මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොහු දින 21කට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
 
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිණි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top