Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
13
“..හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න.. ඔය ඇස් දෙක අමතක කර හිඳින්නේ කොහොම..?” - මංගල උත්සවයට කලින් දවසේ, අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය ප්‍රදීප් රන්ජන්, මුහුණු පොතම සංවේදී කළ හැටි මෙන්න - Photos

- “..හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න.. ඔය ඇස් දෙක අමතක කර හිඳින්නේ කොහොම..?” - මංගල උත්සවයට කලින් දවසේ, අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය ප්‍රදීප් රන්ජන්, මුහුණු පොතම සංවේදී කළ හැටි මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,349 Views
“අයියා කියලා තියෙනවා අම්මේ ගෙයින් විදුලිය විසන්ධි කරන්න කියලා...”
 
“අක්කා අපේ ගෙදරට කැන්දාගෙන ආවේ නෑ.
මඟුල් ගෙයක් ගන්න ඕනෑ කියලා අයියා කිව්වා...”
 
“අයියාගේ මඟුල් උත්සවය හෙට (14දා) පින්නවල හෝටලයක තියන්න සූදානම් කර තිබුණා. 11දා බඳින්න හිටි අක්කාට අවශ්ය බඩු මුට්ටු ටිකත් කෑගල්ල නගරයෙන් අරගෙන දීලා එයා පදිංචිව සිටින උඳුගොඩ නේව්ස්මියර් නිවෙසට ගිහින් ඇරලවා හවස අයියා ගෙදර ආවා."

"සවස 6.15ට පමණ කෑම බීම හදන්න අපේ ගෙදරට ඇවිල්ලා හිටිය නැන්දලා, පුංචිලා කියලා තියෙනවා ගේ පිටුපස තාවකාලිකව හදලා තියෙන මඩුවට බල්බ් එකක් දාලා දෙන්න කියලා. තාත්තා තමයි වෙනදා බල්බ් දාන්නේ. පස්සේ අයියා කුස්සියේ තිබුණු බල්බයක් වයරයක් එක්කම ගලවාගෙන එළියට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම විදුලි සැර වැදිලා අයියා බිමට වැටිලා තියෙනවා”
 
හෙට (14දා) විවාහ මංගල්යය යෙදී සිටියදී විදුලි සැර වැදී මිය ගිය උපාධිධාරියාගේ මරණය පිළිබඳව ඔහුගේ එකම බාල සහෝදරිය වන එම්. පී. ලක්ෂිකා කුමාරසිංහ (අවු 20) තරුණිය හැඬූ කඳුළින් ඊයේ (12දා) පැවැසුවාය.
 
මෙලෙස මියගොස් ඇත්තේ ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ උපාධිධාරියකු වන කෑගල්ල, ඔලගන්කන්ද ග්රාමයේ පදිංචිව සිටි එම්. පී. ප්රදීප් රංජන් කුමාරසිංහ නමැති 30 හැවිරිදි තරුණයෙකි.
 
මෙම උපාධිධාරියාගේ විවාහ මංගල්යය හෙට (14දා) පින්නවල ප්රදේශයේ විවාහ මංගල්ය උත්සව ශාලාවක පැවැත්වීමට තිබියදී පෙරේදා (11දා) සවස නිවෙසේදී බල්බයක් සවි කිරීමට යෑමේදී විදුලි සැර වැදී කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව තිබිණි.
 
පසුව මියගිය උපාධිධාරියාගේ නිවෙසට ඊයේ (12දා) පෙරවරුවේ ගිය අවස්ථාවේදී මවුපියන් දේහය භාර ගැනීමට කෑගල්ල මහ රෝහලට ගොස් තිබුණු අතර බාල සහෝදරිය ඇතුළු පවුලේ ඥාතීන් නිවසේ සිටියේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මියගිය උපාධිධාරියාගේ බාල සහෝදරිය වන ලක්ෂිකා කුමාරසිංහ තරුණිය මෙසේද පැවසුවාය.
 
"මගේ පියා එම්. පී. ෂෙල්ටන් කුමාරසිංහ. තාත්තා පෙදරේරු වෘත්තිය කරනවා. අම්මා එම්. දිස්නා රංජනී ගුණසේකර. අම්මා රැකියාවක් කරන්නේ නෑ. මම කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා ප්රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා. මට සිටින්නේ මියගිය අයියා විතරයි. එයා කෑගල්ල රාජකීය විද්යාලයෙන් සාමාන්ය පෙළ දක්වා ගිහින් පස්සේ උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් ඉගෙන ගන්න කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්යාලයට ගියා. උසස් පෙළ පළමු අවස්ථාවේදී ලංකාවෙන්ම 144 ස්ථානය ලබාගෙන විශ්වවිද්යාලයට යන්න ආවා. ඒත් අයියා ගියේ නෑ. හොඳ ලකුණක් අරගෙන ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයටම යනවා කියලා දෙවැනි පාරටත් ලිව්වා. දෙවැනි වාරයේදී කෑගල්ල දිස්ත්රික්කයේ හය වැනි ස්ථානය ලබා ගෙන ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයට ඇතුළත් වුණා. විශ්වවිද්යාලයේ ඉගෙනුම ලබලා උපාධිය අරගෙන ගෙදර ඇවිල්ලා ඉන්න කොට මාස හයකට මාලදිවයිනට ගියා. ඊට පස්සේ ඇවිල්ලා කොළඹ පුද්ගලික ආයතනයක මියයනකම්ම රැකියාවක් කරමින් සිටියා...."
 
"අයියා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ඉන්න කාලේ කෑගල්ලේ අමතර පන්තියකට ආවා ගියා. එතැනදී උඳුගොඩ නේව්ස්මියර් ප්රදේශයේ අක්කා කෙනෙක් හඳුනාගෙන සිටියා. පස්සේ දෙදෙනාම විශ්වවිද්යාලයට ගියා. අපේ අයියා ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයට ගියා. ඒ අක්කා කැලණිය විශ්වවිද්යාලයට ගියා. දැන් ඒ අක්කා උපාධිධාරිනියක්. ඇය බුලත්කොහුපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවක් කරනවා..."
 
"පස්සේ දෙපැත්තේම කැමැත්තෙන්ම ආශීර්වාද මැද විවාහය ලියාපදිංචි කළා. ඒත් අක්කා අපේ ගෙදරට කැන්දාගෙන ආවේ නෑ. මඟුල් ගෙයක් ගන්න ඕනෑ කියලා අයියා කිව්වා. ඊට පස්සේ හෙට (14දා) මඟුල් උත්සවය පින්නවල ප්රදේශයේ හෝටලයක තියන්න සූදානම් කරලා තිබුණා. දෙවැනි දවස කෑගල්ල මීපිටිය ප්රදේශයේ උත්සව ශාලාවක තියන්නයි සූදානම් කරමින් සිටියේ..."
 
"අයියා 09දා උදේ කොළඹ ඉඳලා ගෙදර ආවා. 10දා උදේ ගෙවල් ළඟ තියෙන පන්සලටත් දානේ අරගෙන ගියා. හවස එයාගේ කාමරය සුද්ද පවිත්ර කළා. පෙරේදා (11දා) උදේ බඳින්න හිටපු අක්කා කෑගල්ලට ඇවිල්ලා තියෙනවා. අයියත් ගෙදරින් ගියා අක්කට මඟුල් ගෙදර දවසේ අවශ්ය වෙන බඩුමුට්ටු ගන්න කියලා. පස්සේ අක්කාට අවශ්ය බඩු අරගෙන අයියා නේව්ස්මියර්වල අක්කාගේ ගෙදරටත් ගිහින් ඇරලවා ආපසු ගෙදර ආවා..."
 
"පෙරේදා (11දා) උදේ පාන්දර නැකතට කැවුම් කොකිස් උයන්න තිබුණා. අපේ පුංචිලා නැන්දලා අපේ ගෙදරට ඇවිල්ලා හිටියා. හවස 6.15ට පමණ නැන්දා කෙනෙක් කියලා තියෙනවා පිටුපස හදලා තියෙන මඩුවට බල්බයක් දාලා දෙන්න කියලා. සාමාන්යයෙන් අපේ ගෙදර ඒ ජාති කරන්නේ තාත්තා. ඒ වෙලාවේ තාත්තා හිටියේ එළියේ වැඩ කරමින්. පස්සේ අයියා කුස්සියේ තිබුණු බල්බයක් වයරය පිටින් මඩුවට දාන්න යනකොට විදුලි සැර වැදිලා බිමට වැටිලා තියෙනවා. එතකොට අයියා කියලා තියෙනවා අම්මේ ගෙයින් විදුලිය විසන්ධි කරන්න කියලා. පස්සේ අසල්වැසි අය ඇවිල්ලා ත්රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට රැගෙන ගියා. කෑගල්ල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ හිටපු වෛද්යවරයා බලලා කිව්වා අයියා මිය ගිහිල්ලා කියලා. ඊට පස්සේ අම්මයි, තාත්තායි, අයියාගේ දේහය භාර ගන්න කෑගල්ල රෝහලට ගියා..."
 
මියගිය උපාධිධාරියාගේ මරණ පරීක්ෂණය ඊයේ (12දා) දහවල් කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා එස්. කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේදී සිදු කෙරිණි. එහිදී විදුලි සැර වම් අතට වැදීමෙන් සිදුවූ හදිසි මරණයක් බවට මරණ පරීක්ෂකවරිය නිගමනය කළාය.
 
දමුණුපොළ - චමින්ද ජයලත්
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top