දඹුල්ල 40 කණුව ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු රැගෙනයමින් තිබූ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් තිබෙනවා.
එම කාන්තාවන් දෙදෙනා ගමන්කරමින් සිටි මෝටර් රථය හරස් කළ තවත් මෝටර්රථයකින් පැමිණි පිරිසක් මෙලෙස රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බවයි වාර්තාවන්නේ.
සැකකරුවන් විසින් අදාළ කාන්තාවන් සතුව තිබූ පවුම් 120ක් පමණ බරැති රන් භාණ්ඩ තොගයක් මෙලෙස කොල්ලකා පලාගොස් ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී සැකකරුවන් විසින් කාන්තාවන් ගමන්කරමින් සිටි රථය පසුපස ලුහුබැඳ පැමිණ ඔවුන් බියගන්වා මෙලෙස රන් භාණ්ඩ පැහැරගෙන ඇති බවයි එම කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට තොග සහ සිල්ලර වෙළඳසැලක හිමිකරුවෙකුගේ බිරිඳකගේ රන් භාණ්ඩ තොගයක් මෙලෙස කොල්ලකා ඇති බවයි වාර්තාවන්නේ.
ඇය එම ව්‍යාපාරිකයාගේ දෙවන බිරිඳ බවටත් මීට මාස කිහිපයකට පෙර ඔවුන් විවාහ වී ඇති බවටත් විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.
පැමිණිලිකාරිය ගෙන් මෙන්ම ඇය සමග පැමිණි ඥාති කාන්තාවගෙන්, මංකොල්ල කෑ බව කියන කාන්තාවගේ සැමියා සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
දඹුල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.