වනජීවී නිලධාරීන් සිදුකළ වැටලීමකදී මුව මස් සන්තකයේ තබාගත් හමුදා සැරයන්වරයෙකු සහ සෙබලුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සිවිල් පුද්ගලයන් දෙදෙනෙකුද වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සිවිල් පුද්ගලයන් 07දෙනෙකු වැටලීමේදී පලාගොස් ඇති බවයි වාර්තාවන්නේ.
ලුණුගම්වෙහෙර දෙමලිය ප්‍රදේශයේ වන රක්ෂිතය තුල සිදුකළ හදිසි වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් සතුව තිබූ වියලි මුවමස් කිලෝ 2.5ක්, මුවමස් කිලෝ 58ක්, තරාදියක්, යතුරුපැදියක්, පිහියක් වනජීවී භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
සැකකරුවන් පැමිණි ත්‍රිරෝදරථයක් සහ යුද හමුදා ජීප් රථයක් ද එහිදී වනජීවීභාරයට ගෙන තිබෙනවා.
නීති විරෝධීව මුව මස් සන්තකයේ තබාගෙන විකිණීම සදහා සුදානම් කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
අපකළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය විසින් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.