Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
13
“මේක නම් බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නොවෙ. මේවා වෙන්නෙ භුත බලපෑම් නිසා” - වසර 7කට පෙර මියගිය ආත්තම්මා පෙරේතියක වී ආපසු ගමට ඇවිත් කරපු විනාශය

- “මේක නම් බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නොවෙ. මේවා වෙන්නෙ භුත බලපෑම් නිසා” - වසර 7කට පෙර මියගිය ආත්තම්මා පෙරේතියක වී ආපසු ගමට ඇවිත් කරපු විනාශයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,284 Views
එයා මැරුණට අපේ ගෙදරම ඉන්නවා. සමහර වෙලාවට අපේ ගෙදරට එනවා.
මම හිතන්නේ ඇයට ආච්චි වැහිලම මේක කරවන්න ඇති
 
සුදෝ සුදු වතින් සැරසී අසළ කඳුයායේ මහා කැලෑවෙන් මිය ගිය ආත්තම්මාගේ හොල්මන් අවතාර භූතයා රූස්ස ගස් අස්සේ පෙනී නොපෙනී සැරිසරන්නට විණ. ඒ අඳුරු රාත්‍රියේ කෑලි කපන්නට තරම් හැකි කළුවරේ ගමට එන මේ අවතාරය සුජීවා සොයා ආවාය. විටක සුවඳ පතුරුවන මේ ආත්තම්මාගේ අවතාරය තවත් විටක ගන්දස්කාරය පතුරවමින් ආවාය. ගේ හැම තැන තැනින් තැන ගිනි තියන ආත්තම්මාගේ අවතාරය සුජිවාගේ ගෙල කපා ලේ බොන්නට සැරසෙන සෙයක් දැකිය හැකි විණ. නමුත්, ඇයගේ වාසනාවට දිගු කෙස්කළඹ කැපුවාය.
 
සුජීවාගේ නිවසට පමණක් නොව මාතර කඹුරුගමුව ආසන්න ගමේ ගම්වාසින්ට ද භූත ආත්තම්මාගේ අවතාරය නිසා බිය පත්වූ අය සිටියහ. සුජීවාගේ නිවසේ ජීවත් වූයේ සුජීවාත් ඇයගේ දෙමාපියනුත් අයියාත් අක්කාත් නංගීත් පමණි. තාත්තා වඩු කාර්මිකයකු වූ අතර, ඔහු උපයන මුදලින් පවුලේ වියහියදම් සියල්ල සිදු කෙරුණි. එතරම්ම ආර්ථිකයේ අඟහිඟකම් නොවූ අතර, දැනෙන තරම් දියුණුවක් ද නොවීය.
 

මේ අතර, හිටිහැටියේම එක් දිනෙක නිවසේ බිත්තියක එල්ලා ඇති කැලැන්‍ඩරයක් ගිනි ගන්නට විය. එය දැක කලබලයට පත් වූ සුජීවාත් අම්මාත් ලොකු වතුර කෝප්පයක් ගෙන කැලැන්ඩරයට දමා ගින්න නිවා දැමීය.
 
මෙය සිදුවූයේ කෙසේදැ’යි අම්මාත් සුජීවාත් කල්පනා කරන්නට වූවාය. ඒ අසලක හෝ පහනක් දල්වා නොබියදීත් කිසිවකුත් නොමැති විටෙක කැලැන්ඩරය ගිනිගත්තේ කෙසේදැ’යි ඔවුනට මහත් ප්‍රහේළිකාවක් වූහ. තාත්තා සේවය නිමවී පැමිණියේ සවස හත ද පසුවීය. ඔහුට ද මේ බව පවසා මෙම ගිනි ගැනීම කෙසේ සිදුවුණිදැයි කතා කළහ.  
 
“ඔයගොල්ලන්ට අමතක වුණාට ඔය කිට්ටුව හඳුන්කූරක් හරි ගහන්න ඇති” යන්න තාත්තාගේ මතය විය. නමුත් අම්මාගේත් සුජීවාගේත් මතය වූයේ ඒ ආසන්නයේ හඳුන්කූරක්වත් නොගැසූ බවට ඔවුන්ට හොඳහැටි මතක බවයි. කෙසේ හෝ මෙම තත්ත්වය සිතින් ඉවත් වී ගියේය.  
 
ගතවූයේ දින දෙකක පමණ කාලයකි. නිදන කාමරයක් පැත්තෙන් කටුක ගන්දයක් දැනෙන්නට විය.  
 
“මොකක්ද මේ කාමරයේ ගඳ” කියමින් අම්මා කාමරය දෙසට දිව ගියේ “කරන්ට් වයර් එකක්වත් ගිනි ගන්නවාද දන්නෑ” කියමිනි.  
 
නමුත් ඇය දුටුවේ ඇස් අදහාගත නොහැකි දෙයකි. කාමරයේ තිබූ ටවල් රැක් එකේ ඇති ඇඳුම්වලට ගිනි ඇවිළී ඇත.  
 
“මේ මොන විනාසයක්ද” කියමින් අම්මා කෑ ගසන්නට විය. සුජීවාත් ඇයගේ අයියාත් අල්ලපු ගෙදර කීපදෙනෙකුත් එම ශබ්දය ඇසී වහාම දිව ආවෝය.  
 
“වතුර බාල්දියක් ගෙනෙල්ලා” කියමින් සුජීවාගේ අයියාත් අල්ලපු ගෙදර සිටි තරුණයෙකුත් වතුර ගසා ගින්න නිවා ගිනිගත් ඇඳුම් කැබලි ගෙන ජනේලයෙන් එළිය පැත්තට විසිකර දැමීය.  
 
“කොහොමද මේක ගිනිගත්තේ?” මීට දින කීපයකට පෙර කැලැන්ඩරය ගිනිගත් සිද්ධිය ද ඔවුනට මතක් විය.  
 
“අයන් එකවත් ගහලා ඕෆ් කරන් නැතුව හිටියා ද?” අල්ලපු ගෙදර තරුණා මේ සිදුවීමේ සුලමුල සොයන්නට විය.  
 
නමුත් නිවසේ සියල්ලන්ම ඇඳුම් අයන් කරන්නේ මෙම කාමරයේවත් නොව, අඩුම තරමේ එම ටවල් රැක් එක ආසන්න බිත්තියේ ප්ලග් පොයින්ට් එකක්වත් නැත. ඇඳවල් යටවල් පවා මුළුගේම සෝදිසි කරමින් කවුරුන් හෝ සැඟවී සිටිනවාද? යන්න කියමින් ඔවුන් විපරම් කරන්නට විය. නමුත් කිසිසේත් සැකකටයුතු කිසිවක් හමු නොවීය. වහාම දුරකථන ඇමතුමක් දී තාත්තාට ද මේ බව පැවසීය.  
 
ගියවර සිද්ධියේ දී ඒ හැටි ගණන් නොගත් තාත්තා මෙම සිදුවීමේ දී නම්, කලබල වන්නට විය. “මම දැන්ම එන්නම්” යයි පවසා එ වෙලේම වැඩ නවතා ඔහු නිවසට පැමිණියේය. “අනේ මේකට මොකක් හරි කරන්නකො” කියමින් අම්මාත් දරුවනුත් තාත්තාට ඇවිටිලි කළෝය.  
 
“මටත් හිතාගන්න බැ මොකක්ද මේ වෙන්නෙ කියලා. නමුත් ඉතින් මම කියලා මොකක් කරන්නද? අපි ටිකක් සිහියෙන් බලං ඉදිමු ආයෙත් මෙහෙම දෙයක් වෙනවද කියල. එහෙම වුණොත් අපි පොලිසියට ගිහින් කියමු. වැඩිය ඕක අහල පහළට ආරංචි වෙන්න තියන්න එපා. අපි බලමුකො ආයිත් වෙයිද කියලා.” කියමින් තාත්තා සියලු දෙනාගේ බිය පහව යන්නට කථාව විවිධාකාර ලෙස හරවන්නට උත්සාහ කළේය.  
 
මෙලෙස දින කීපයක් ගතවිය. ගිනි ගැනීමේ සිද්ධීන් පිළිබඳව හා හූවද ක්‍රමයෙන් අඩුවී ගියේය. වේලාව දවල් දොළහට එකට විතර ඇත. කුස්සියේ වහළට දැමූ ටකරම්වලට මහා හයියෙන් ගලක් හෝ එවැනි යමක් වදින්නා සේ හඬක් ඇසෙන්නට විය.
 
“බුදු අම්මෝ” කියමින් ඒ පැත්තේ සිටි සුජිවා ද සාලය වෙත දිව ආවේ මහත් බියකිනි.  
 
“මොකක්ද ළමයෝ වුණේ” අසමින් අම්මා මැය ද අල්ලාගෙන කුස්සිය වෙත ගියාය.
 
“අනේ දන්නැ අම්මෙ. කවුරුහරි එකපාරටම ගලක් ගැහුවා”. යයි සුජීවා අම්මාට පිළිතුරු දුනි. “කොහෙටද ගල වැදුනෙ? කොහෙන්ද ගල ආවේ? කියපංකො” යනුවෙන් කෑ ගසමින් අම්මා ද අසන්නට විය.  
 
“ආපු පැත්ත නම් මං දැක්කෙ නෑ. මෙන්න මෙතනට තමයි වැදුණෙ” කියමින් සුජීවා වහළේ ටකරමේ වැදී තිබූ ගඩොල් කෑල්ලක සටහනක් පෙන්වීය.  
 
“මේක නම් මහා කරුම කාලයක්” කියමින් අම්මා අල්ලපු ගෙදර වයලට් අක්කාටද ද කෑ ගසමින් සිද්ධිය විස්තර කරන්නට වූවාය.  
 
ඒ සමඟ ම වෙනත් කාමරයක දුමක් සහිතව කලින් දිනයේ ගඳට සමාන ගඳක් දැනෙන්නට විය. සියලු දෙනාම ඒ දෙසට දිව ගිය විට දුටුවේ එම කාමරයේ දොර උඩ වනා තිබූ තුවායක් ගිනි ගන්නා බවයි. එහි පැමිණි අයෙක් කොනකින් අල්ලා තුවාය බිම දමා පාගා ගින්න නිවා දැමීය.  
 
සිදුවන දේ කිසිවකුටවත් සිතාගත නොහැකි විය.  
 
“මේක නම් බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නොවෙ. මේවා වෙන්නෙ භුත බලපෑම් නිසා” යයි අමුතුම තාලයේ මතයක් ඉදිරිපත් කෙරුණි. වහාම තාත්තාට ද දුරකථනයෙන් අමතා ඔහු ගෙන්වා නිවසේ සිදුවන අත්භූත සිදුවීම් කුමක්දැ’යි සොයා බැලීමට සාකච්ඡා කරන්නට වූහ.  
 
“මේ වතාවෙ නම් මේකට මොකක් හරි කළ යුතුය”යි සිතූ තාත්තා අහළ පහළ අය සමඟ ද කථා කොට කපු මහතකු කැඳවා සිදුවීම විස්තර කර ඒ සඳහා පිළියමක් යොදන ලෙසට ඉල්ලා සිටියේය.  
 
ඔහුගේ අදහස වූයේ මේක පැහැදිලි වශයෙන් ම අමනුස්ස ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවයි. මෙය ඉවත් කිරීමට නම් එක්තරා යාගයක් කොට නිවස හා වත්ත ආරක්ෂා කළ යුතු යයි යෝජනා කළේය.  
 
 “දැනට මම වැලි ටිකක් මතුරා දෙන්නම්. මේවා නිවස වටේ ඉසින්න. අවශ්‍ය මුදල් හා බඩු භාණ්ඩ ලැහැස්ති කරගෙන දින හතක් ඇතුළත යාගය කරන්නට දිනයක් යොදා ගන්නා දන්වා කපු මහතා ඉවත්ව ගියේය. බියත් සමඟම කපු මහතාගේ කීම මත විශ්වාසයෙන් මෙය ඉවත් කිරීමට මගක් පෑදේ යන හැඟීමෙන් නිවසේ සියල්ලන් ම යාගය කිරීමට අවශ්‍ය බඩු භාණ්ඩ හා විය හියදම් සොයන්නට විය.  
 
බඩු භාණ්ඩ සහ කපු මහතාගේ වියදම් සහිතව අඩුම ගානේ රුපියල් අසූදහසක්වත් වියදම් වන බව මොවුන් ගණන් බැලීය. “නමුත් ඉතිං ණය වෙලා හරි මේක කරන්න වෙනවානෙ” කියමින් තාත්තා කීප දෙනෙක්ගෙන්ම ණයට මුදල් ද ලබාගෙන යාගය සිදු කෙරුණි.  
 
ඉන්පසු නිවසේ සියලු දෙනාගේ බෙල්ලේ ආරක්ෂක නූල් ද දමා නිවසේ හතර කොනේ සහ ගෙවත්තේ හතර කොනේ කුඩා බෝතල්වල මොනවාදෝ දමා ආරක්ෂාවට වළ දැමීය. “දැන් ඉතිං කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ. ඔක්කොම අමනුස්සයන්ගේ ක්‍රියා අහවරයි”. පවසා කපු මහතාගේ කාර්යභාරය නිමා කර යන්නට ගියේය.  
 
හිතට මහත් සැනසීමකි. කපු මහතා කිවූ පරිදි සියලු දෝෂ නිමයි. දැන් ඉතිං ණය ගෙවන්න වැඩ කරන්න වෙනවානෙ” කියමින් පියා නැවත වැඩට ගියේය. නිවසේ සියලු දෙනාම සුපුරුදු පරිදි තම තමන්ගේ වැඩවල නියැළුණහ.  
 
මෙලෙස දින කීපයක් ගතවිය. එක්වර ම “අනේ අම්මෙ” කියමින් සුජීවා කෑ ගසන්නට වූවාය.  
 
“ඒ පාර මොකෝ” අසමින් සුජීවා සවස නිදා සිටි කාමරයට අම්මා දිව ගියාය.  
 
“මේ අම්මෙ මගේ කොණ්ඩෙ” කියමින් සුජීවාගේ තිබූ දිග කොණ්ඩය සම්පූර්ණ කොටසක්ම කැඩී ඇති බව පෙන්වීය.  
 
“මේ මොන අපරාදයක්ද? මොකක්ද උනේ දරුවෝ?” අසමින් අම්මා සුජීවාට බැනවදින්නට විය. “මෙච්චර දිග කොණ්ඩයක් කපල දැම්මෙ” කියමින් අම්මා තවදුරටත් සුජීවාට බැන වැදුණාය.  
 
“මම කැපුවෙ නෑ. මම නිදාගෙන අවදි වෙනකොට කොණ්ඩෙ නෑ කියල දැනුණා. බලනකොට කොණ්ඩෙ කැඩිලා”. දෙදෙනාම මර හඬින් කෑ ගසන්නට විය.  
 
වටපිටාවේ මිනිසුන් ද කලබල වී නිවස වෙත දිව එන්නට විය. “බලන්නකො අපේ දූගෙ කොණ්ඩෙ සම්පූර්ණයෙන් ම කැඩිලා. මේකි නිදාගෙන ඉඳලා අවදි වෙනකොට තමයි දැනගෙන තියෙන්නෙ කොණ්ඩෙ කැඩිල කියල. ආයිත් පරණ දේ ම වෙනව වගෙ”.  
 
සියලු දෙනා රැස්වී මොවුන් පත්වී ඇති ඉරණම ගැන සාකච්ඡා කරන්නට වුණි. “තාත්තා තාම වැඩට ගිහිල්ල දවස් කීපයයි. ඒ මනුස්සයා ණයවලින් බේරෙන්න කීයක් හරි හම්බ කරගන්න කියල මහන්සි වෙනවා. ඒක නිසා එනකං කියන්න එපා”. අම්මා කීවාය. තාත්තා හැන්දෑවේ එනතුරු බලා සියල්සිලෝ ටින්නට වූහ.  
 
හැන්දෑවේ පහට හයට පමණ කුස්සිය පැත්තේ වහළට ගලක් වැටී පෙරළී පෙරළී එන හඬක් ඇසිණි. කුස්සියේ කිසිවකු හෝ නැත. වැදුනු පහරක්වත් නැත. මේක නම් එළිය පැත්තෙන් ආපු ගලක් විය යුතු යැයි එකිනෙකාගේ මතය විය.  
 
ඒ අතර ඉස්සරහ කාමරයේ වීදුරුවට ද ගල් පහරක් වැදී වීදුරුව බිඳී ගියේය. සෑමදෙනාම කලබල වී එතැනට දිව ආ විට කාමරයේ බිම තිබී වීදුරු කටු සමඟ තරමක ප්‍රමාණයේ ගල් කැටයක් සොයා ගැනිණි. “අපි මේකේ මාක් එකක් දාමු”. කියා ළිපේ අඟුරු කෑල්ලක් ගෙන ගලෙහි තවරා එය වැටුණු තැනම තබා ඒ දෙස බලා සිටින්නට විය. සියලුම දෙනා බයේ බිරාන්ත වී හොඳින් මේ දෙස බලා සිටියෝය. තාත්තා ද පැමිණෙන වේලාව ළංවිය.  
 
තාත්තා පැමිණීමත් සමඟ සියලුදෙනා සිදුවූ සියල්ල කියමින් අඟුරු ගෑ ගල ආසන්නයේ ම සිටියෝය. ඒ අතර විශාල දුමක් අම්මලාගේ කාමරය පැත්තෙන් එන බවක් දැනී සියලු දෙනා එදෙසට දිව යන්නට වූහ.  
 
“අයියෝ මේ මොකද වෙන්නෙ”. ඇඳේ තිබූ බෙඩ්ෂීට් එක හා කොට්ටය ගිනි ගනී.
 
“අනේ අම්මගෙයි තාත්තගෙයි ඇඳ” කියමින් සුජීවා මර හඬින් බෙරිහන් දෙන්නට විය. එවෙලේ ම ගමේ සිටි ඇදුරන් කැඳවා මේ සඳහා පිළියම් යෙදීය. නමුත් කුමන පිළියමක් යෙදුවද එය පවතින්නේ දින කීපයකි. මෙම ආරංචිය ලැව් ගින්නක් මෙන් ගම පුරා පැතිර ගියේය. මෙය දැකබලා ගැනීමට ජනගඟක් ගලන්නට විය. රෑ එළිවෙන තෙක් තරුණ පිරිස් රැකවල් දාගෙන මෙය බලාගැනීමට හා මෙහි සත්‍ය සොයා ගැනීමට නිදිවරා සිටියෝය. බැරිම තැන ඔවුන් නිවස අතහැර තාවකාලිකව තාත්තාගේ මල්ලීගේ නිවසට ගියෝය.  
 
ඒ සමඟම මෙය ඇතැම් පුවත්පත්වලද විද්‍යුත් මාධ්‍යවල ද පැතිර ගිය අතර, මෙය නැවැත්වීමට හැකි කෙනෙක් වේ නම් ඔවුනට පිහිට වන ලෙස නිවසේ අය මාධ්‍ය ඉදිරියේ ඉල්ලා සිටින ලදී.  
 
එම ගමේ ග්‍රාමසේවක මහතාගේ ඉල්ලීම අනූව මේ ගැන සොයා බැලීමට විදුල අධි මනෝවිද්‍යා පර්ෙ‌ය්ෂණ සංගමය වෙත යොමු කෙරුණි. පසුව ඒ සඳහා පර්යේෂණ කිරීම සඳහා වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හා මාතර කඹුරුගමුව රෝහලේ මානසික රෝග අංශයේ වෛද්‍යා අසංක සිංහාරගේ මහතාත් ප්‍රමුඛ මනෝ චිකිත්සකවරුන් හා චිකිත්සකවරියන්ගෙන් සැදුම්ලත් පර්ෙ‌ය්ෂණ කණ්ඩායමක් එම නිවස වෙත ළඟාවිය.  
 
වෛද්‍ය විද්‍යාකුලපති මහතා සමඟ පිරිස එම නිවසට පැමිණෙන විට රාත්‍රී එකොළහ ද පසුවිය. ඒ වනවිටත් ගමේ මිනිස්සු තුන්හාරසියයකට වඩා එක්රොක්වී සිටියහ.  
 
පර්යේෂණ කණ්ඩායම මෙසේ වැඩ ඇරඹිණි.  
 
විද්‍යාකුලපති මහතාත් අසංක සිංහාරගේ මහතාත් මූලික පිරිස මුලින්ම සිදුකළේ නිවසේ සිටි අයගෙන් වෙන වෙනම මෙම සිදුවීම් පිළිබඳව හොඳින් අසා දැනගැනීමයි.  
 
ඉන්පසු ගිනිගත් ස්ථාන, ගල් වැදුණු ස්ථාන, ගිනිගත් ද්‍රව්‍ය හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම ගැටලු සිදුවී ඇති වේලාවන් ද අසා දැනගනිමින් මෙහෙයුම ඇරඹිණි.  
 
විද්‍යාකුලපති මහතාත් අසංක සිංහාරගේ මහතාත් නැවතත් මොවුන් සමඟ වෙන වෙනම සාකච්ඡා කොට මෙම ගැටලුව නිරාකරණය කිරීමේ ගැටලුව භාරගැනිණ. පැය තුනක හතරක කාලයකින් පසුව විද්‍යාකුලපති මහතා පැමිණ සිටි පිරිස සහ නිවැසියන් කැඳවා එම සිදුවීම විස්තර කරන්නට විය.  
 
“බියක් ඇති කරගත යුතු නැහැ. සම්පූර්ණයෙන් ගැටලුව විසඳුණා. අදින් පස්සේ මේ නිවසේ ගිනි ගන්නේවත් ගල් ගැසීමක් ඇති වන්නේවත් නැහැ. සියලු දේ අදින් පස්සේ නිමයි” කියමින් පවසන විට ගමේ පාසලේ විදුහල්පතිතුමා, ග්‍රාම නිලධාරි, පොලිස් ස්ථානාධිපතිවරයාගේ අදහස වූයේ “ගැටලුව නිම වෙන්න පුළුවන්. නමුත් වටපිටාවේ මිනිස්සු ඉන්නේ බයෙන්. ඒ නිසා මෙහි ඇත්තටම සිදුවූයේ කුමක්ද” කියා මිනිසුන් දැනුම්වත් කරන ලෙස විද්‍යාකුලපති මහතාගෙන් ඉල්ලා සිටියහ.  
 
මෙය සිදුකළේ නිවසේ අයෙක්මයි. නමුත් කිසිසේත්ම එම පුද්ගලයා කවුද යන්න පැවසුවහොත් එම පුද්ගලයාට අසාධාරණයක් වන නිසා හෙළි නොකරන බවත්, එම පුද්ගලයා මෙය සිදුකර ඇත්තේ සියයට සියයක්ම දැනුම්වත්ව නොවන බවත් මෙය එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ මනෝ භාවයක් මත සිදු වූ බවත් විද්‍යාකුලපති මහතා හොඳින් පැහැදිලි කරදුණි. පසුව පැමිණ සිටි සියලු දෙනා නිවෙස් බලා විසිර ගියෝය.  
 
එහි ඇතුළාන්තය මෙසේය.  
 
පසුදිනයේ පැමිණ විද්‍යාකුලපති මහතා හමුවන ලෙස නිවසේ සියලු දෙනාට පැවසීම නිසා ඔවුන් සියලුදෙනා විද්‍යාකුලපති මහතා හමුවුණි. එහිදී සිදුවීම පැහැදිලි කරන්නට ප්‍රථමයෙන් සුජීවා කැඳවා මෝහන නිද්‍රාවට පත්කර සිදුවීම පිළිබඳව විමසීය. වෛද්‍යවරයා හා මෝහනයට පත් සුජිවා අතර සංවාදය මෙලෙස විය.  
 
වෛද්‍යවරයා : කවුද මේ ගල් ගැහුවේ. ගිනි තැබුවේ? 
 
සුජීවා : අපේ ආච්චි.  
 
වෛද්‍යවරයා : ආච්චි කොහෙද ඉන්නේ. තවම ඉන්නවාද?
 
සුජීවා : නැහැ. ආච්චි දැන් මැරිලා අවුරුදු හතරක් වෙනවා.  
 
වෛද්‍යවරයා : එතකොට කොහොමද ගිනි තිබ්බේ?  
 
සුජීවා : එයා මැරුණට අපේ ගෙදරම ඉන්නවා. සමහර වෙලාවට අපේ ගෙදරට එනවා.
 
වෛද්‍යවරයා : ඔබට පෙනුන ද?  
 
සුජීවා : ඔව්. සැරින් සැරේ මට පේනවා.  
 
වෛද්‍යවරයා : එයා මොන වගේද?  
 
සුජීවා : සුදු සාරියක් ඇඳගෙන මිනියේ හිටියා වගේම අත්වැසුම් දාගෙන
 
ඒ සුවඳත් එක්ක අපේ ගෙදර ඉන්නවා.
 
වෛද්‍යවරයා : එතකොට ගිනි තැබුවේ කොහොමද?
 
සුජීවා : එයා මගේ ඇඟට ඇතුළුවෙලා ඒක කරා.  
 
වෛද්‍යවරයා : එතකොට ඒ කළේ ඔබේ ශරීරය හරහා?  
 
සුජීවා : ඔව්.  
 
වෛද්‍යවරයා : එතකොට ගල් ගැහුවේ, ගිනි තිබ්බේ ඔක්කොම එයාද?  
 
සුජීවා : ඔව්.  
 
මෙලෙස වෛද්‍ය විද්‍යාකුලපති මහතා සහ සුජීවා අතර පැය එකහමාරකට අධික කාලයක් ප්‍රශ්න කෙරුණු අතර, “මෙය ඇත්තටම ඔබේ ආච්චි කරපු දෙයක් නෙමෙයි. මෙය ඔබේ සිතේ හටගත් අවස්ථාවක් පමණයි” යනුවෙන් පහදා දී ඇයව මෝහන නිද්‍රාවෙන් අවදි කෙරුණි. තත්ත්වය එසේ වුවද අම්මාට ප්‍රශ්න රාශියක් විය.  
 
“ඇය නම් ඕක කළේ ඇයගේ ලස්සන කොණ්ඩය ඇයම කපා ගත්තේ ඇයි?”  
 
“සමහර සිදුවීම්වලදී ඇය හිටියෙත් අපි සමඟම නේ?”  
 
“මගේ දූ කවදාවත් තාත්තාටවත් මටවත් හානියක් කළ දෙයක් කරලා නැහැ. මම හිතන්නේ ඇයට ආච්චි වැහිලම මේක කරවන්න ඇති”  
 
වෛද්‍ය විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස පැහැදිලි කරන්නට විය.  
 
“ඇයගේ මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ පාසල් යාමට ඇයගේ තිබූ ප්‍රධාන අකමැත්ත සහ අවුරුදු දහතුනක් වන ඇයගේ ශරීරයේ තිබු පැහැපත් බව අඩුවීම, අඟපසඟෙහි තිබූ අවලස්සන ආදී හේතු නිසා ඇයගේ හිතේ ඇති වූ මානසික අවපීඩනය නිසායි.
 
එහි පළවෙනි පිළිතුර නම්,  
 
ඇයගේ කොණ්ඩය කපා ගත්තේ ඇයි? අන් අයට ලස්සනට පෙනුණද මැයට තමා ගැන තිබුණේ මහත් කලකිරීමකි. නමුත් මෙවැනි ක්‍රියාවක් මවා පෑමෙන් ඇයගේ මානසික අවපීඩනය තුරන් කරගැනීමට හැකිවීම නිසා ඇය විසින්ම ඇයගේ කොණ්ඩය කපා ගත්තාය.  
 
දෙවෙනි පිළිතුර, සමහර සිදුවීම් දැක ඇත්තේ ඇය පමණයි. නමුත් ගිනි ගැනීමක් වැනි දෙයකදී ගිනි තබා යම් කිසි වේලාවකට පසු තමයි අන් අය දැනගන්නේ. ඒ වනවිට ඇය තමන් ළඟට ඇවිත්.  
 
තුන්වන පිළිතුර, ඇය සාමාන්‍ය ජීවිතයේදී ඔබටවත් තාත්තාටවත් කිසිම වරදක් කරන්නේ නැහැ. නමුත් මේක අසාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි තැන්වලදී ඇතැමුන් සිතාමතා පලිගැනීමට මෙවැනි දේ කරන අතර, ඇතැමුන් මෙවැනි දේ කරන්නේ අවිඥානිකවය. එවිට මේ අම්මා තාත්තා නේද?, අපේ ධනය නේද වැනසෙන්නේ යන හැඟීම ඔවුන්ට නොදැනේ.  
 
හිස්ටීරියා හෙවත් Dissociative Disorders ලෙස හඳුන්වන මානසික තත්ත්වයේදී පව් පින්, අම්මා තාත්තා බව පවා නොසලකා එය කරන අවස්ථා ඇත. නමුත් පැහැදිලිව කිව යුත්තේ මෙය ළමයා විසින් සිතාමතා සිදු නොකළ යුත්තක් බවයි. අද සිට ඔබලා විසින් ඔවුන්ට අවශ්‍ය ඒ සියලු මානසික පසුබිම හදන්න. ආදරය පෙන්වන්න. පාසල් යාමට බිය හා අකමැත්ත සම්බන්ධවත් අපි ඇයට තේරුම් කර දෙනවා. ඒ නිසා මින්පසු ගැටලුවක් ඇතිවන්නේ නැහැ.  
 
නමුත් ළමයා විසින් මෙය සිදුකළා කියා ළමයාට වදහිංසා පමුණුවන්න එපා. ඇයට ආදරය දක්වන්න.  
 
අද වනවිට සුජීවාගේ ආච්චිගේ ෙප්‍ර්ත ආත්මය ඇයගෙන් ඉවත් වී වසර හයකි. ඉන්පසු කිසි දිනෙක ආච්චිගේ ප්‍රේත ආත්මය ඇයගේ ශරීරයට ආවේ නැත.  
 
මෙවැනි සිදුවීම් ඇත්තටම මුදල් නාස්ති කරගෙන, උන්හිටි තැන් නැති කරගෙන විනාශ විය යුතු තත්ත්වයන් නොවේ. නූතන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර තුළ සරළ ආකාරයට මේවා සම්පූර්ණයෙන්ම සුව කරගැනීමට පුළුවන්. මෙයින් පසුද කිසිම ගැටලුවක් නොවන බව විදුලි අධි මනෝවිද්‍යා පර්යේෂණ සංගමයේ වත්මන් සභාපති පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් වටහා දෙනු ලැබීය.  
 
(අධි මනෝවිද්‍යා පර්යේෂණ සංගමයේ වත්මන් සභාපති පී.එන්. විද්‍යාකුලපති මහතා සමග එක්ව කල නිරික්ෂන ඇසුරින් සකස් කළ සත්‍යකතාන්දරයකි.)
(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් ආසන්න වශයෙන් වෙනස් කර ඇත)සත්‍ය කතාන්දරයකි. 
 
නිමල් අල්ගෙවත්ත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top