ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්දික් නැමැත්තාගේ ගෝලයෙකු කොළඹ - ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සමඟ තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගේ නිවසේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද බවට සැක කෙරෙන රුපියල් එක්කෝටි විසිහය ලක්ෂයකට අධික මුදලක් සහ ස්වර්ණාභරණ තොගයක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.