නව කොරෝනා ආසාදිතයින් 588 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 49,000 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 49,537 ක් ලෙසයි.
නව ආසාදිතයින් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්රිත කොරෝනා පොකුර 45,770 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක තවදුරටත් වෛරසය ආසාදනය වූවන් 6,672 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, ඊයේ දිනයේදි 530 දෙනෙකු සුව ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 42,621 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 04 ක් ඊයේ දිනයේදී වාර්තා වුණා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 244 ක්.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ බහු ඉන්ද්රිය අක්‍රීය වීම සහ කොවිඩ් නියුමෝනියාවයි.
හංවැල්ලේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු හෝමාගම රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කොවිඩ් නියුමෝනියාව ඔහුගේ මරණයට හේතු වී තිබෙනවා.
තෙල්දෙනිය මූලික රෝහලේදී 84 හැවිරිදි මාතලේ පදිංචි කාන්තාවක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කොවිඩ් ආසාදනය හේතුවෙන් හෘදයට රුධිර සැපයුම අඩාල වීම ඇයගේ මරණයට හේතුවයි.
ආඝාතය සහ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් වැල්ලම්පිටියේ පදිංචි 65 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ මුල්ලේරියාව මූලික රෝහලේදීයි.
එසේම, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අද සහ අනිද්දා දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද අවශ්‍ය නම් ඒ සඳහා යොමුවිය හැකි බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පසුගියදා දැනුම් දුන්නේ.
වාසුදේව අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුද හඳුනාගෙන තිබුණා.
මීට පෙර අමාත්‍ය දයාසිරි ජයසේකරට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.
එසේම, අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේටද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර, ඒ අනුව, ඔහුගේ ආශ්‍රිතයන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
එම තත්ත්වයත් සමඟ මේ වනවිට ස්වයං නිරෝධායනයට උපදෙස් ලබාදී ඇති මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 31 ක්.
ඒ අනුවයි, මෙලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ මන්ත්‍රීවරුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලබන්නේ.
පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරිම සඳහා අද පස්වරු දෙකට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.