බලපිටිය - කොස්ගොඩ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 20 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් බෙදාහැරීමේ අරමුණින් මෙම මත්කුඩු තොගය සඟවා තබන්නට ඇතැයි සැක කරන බවයි.
එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර, රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අතුරුගිරිය බෝධිරාජ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුගේගොඩ කොට්ඨාස මත්ද්‍රව්‍ය ඒකකය ඊයේ සිදු කළ වැටලිමකදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරු මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත කිරිබත්ගොඩ ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකුගේ ප්‍රධානතම ගෝලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.