තවත් කොරෝනා ආසාදිතයන් 274ක් තහවුරු වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව අද දිනයේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 584ක්.
අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 530 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42,621 ක් දක්වා ඉහළ ගියා.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 6672 ක් පමණයි.
මේ අතර කොරෝනා එන්නතක් දිවයිනට ගෙන්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය මෙම සතියේදී හෝ ඉදිරි සතියේදී ප්‍රකාශයට පත්කළ හැකි වනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එම මාධ්‍ය හමුවට එක්වූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ ඉදිරි මාස හය කැප කිරීම් සිදුකළ යුතු කාලසීමාවක් බවයි.
මේ අතර, පෑලියගොඩ - ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ අනූව වත්ත, අද පස්වරු 6 සිට හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.
එසේම, දිවයිනට සංචාරකයින් ගෙන්වා ගැනීමේ නියමු වැඩසටහනට අදාළව තවත් යුක්රේන ජාතික සංචාරකයින් 165 දෙනෙකු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් අද දිවයිනට පැමිණියා.
ඒ අනුව, මේ වනවිට දිවයිනට පැමිණ ඇති යුක්රේන ජාතික සංචාරකයින් සංඛ්‍යාව 1169 ක්.