කාන්තාවන් දෙදෙනෙකුත් පොලිසියට කොටු වෙයි...
අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් භාරගෙන ආයුර්වේද බලපත් නැතිව බියගම, පෙරගස්හන්දිය ප්රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්යස්ථානයක් පෙරේදා (10) පස්වරුවේ වටලා ඇති බව බියගම පොලිසිය සඳහන් කළා.
ඒ සමඟම එහි සිටි කළමනාකාරිණීය හා කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළා.
බස්නාහිර පළාත් බුද්ධි අංශයේ උප පොලිස් පරීක්ෂක අතුකෝරල හා සැරයන් චන්දන යන නිලධාරින්ට ලැබුණූ තොරතුරක් අනුව මේ වැටලීම සිදු කර තිබෙනවා.
කළමණාකාරිණිය දෙමටගොඩ පදිංචි 45 හැවිරිදි තැනැත්තියක් වන අතර කාන්තාව පන්නල ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක්.
කාන්තාවන්ගේ පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් 1200 ක මුදලක් ගෙවා සම්බාහන මධස්ථානයට ඇතුළත් විය යුතු බවත්, ඉන්පසුව එම තෝරාගන්න කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතු බවත් සඳහන්.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඩබ්ලිව්. ඩී. එම්. විතානගේ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්..