ඉස්ලාම් ජාතික තරුණයකු විසින් බලංගොඩ විද්‍යාලෝක මහා විද්‍යාලයට ධර්ම චක්‍රයක් අද (12) දින පරිත්‍යාග කිරීමේ පුවතක් වාර්තාවනවා.
එම්. ෆාහිම් නමැති තරුණයා මෙසේ බලංගොඩ විද්‍යාලෝක මහා විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කරන හිමියන් වහන්සේට මෙම ධර්ම චක්‍රය පිළිගැන්වුවා.
මෙම අවස්ථාවට විදුහලේ විදුහල්පති ඩබ්ලිව් ජයතිලක මහතා ද එක් ව සිටියා.
මෙම පරිත්‍යාගය සිදු එම්. ෆාහිම් තරුණයා ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි පරිත්‍යාග ඉදිරියේදීද පාසලට සිදුකරන බවයි.
සිංහල දෙමළ මුස්ලිම් අප කාගේත් සහෝදරත්වය අගය කරන බවත් මෙවැනි උතුම් ක්‍රියාවක් සිදු කිරීමට ලැබීම ගැන ගොඩක් සතුටු වන බව ද එම්. ෆාහිම් තරුණයා පවසා තිබෙනවා.