එම නඩුව අද (12) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ අධිකරණය නියෝග කළේ නඩු විභාගය පස්වරු 2 දක්වා කල් තැබීමටයි.
පසුගිය සෙනසුරාදා ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්වන ජීවක එදිරිසිංහ,නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය පසුගියදා අත්අඩංගුවට ගැනුණේ බොරැල්ල ප්රදේශයේදීයි.
ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 6.4කට අධික මූල්‍ය වංචාවකට අදාළවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණය නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවති තැන්පත් මුදල් හිටපු අධ්යක්ෂ මණ්ඩලයේ පෞද්ගලික සුඛවිහරණය සඳහා සාවද්‍ය පරිහරණය කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.
ඒ අනුව නීතිපතිවරයා නියෝග කර ඇත්තේ මුදල් වංචා කිරීම, සාපරාදී විශ්වාසය කඩ කිරීම සහ සාවරාධී පරිහරණය යන චෝදනා මත ඊ.ටී.අයි. හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් දණ්ඩනීති සංග්‍රහයේ 386, 389 සහ 403 යන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදුකර ඇති බවයි.