කොවිඩ් 19 ආසාදනය වී සිදු වූ මරණ 08ක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්යාව 240 දක්වා ඉහළ ගියා.
ඉන් එක් මරණයක් ජනවාරි මස 06වැනිදා සිදුව තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි 52 හැවිරිදි පුද්ගලයෙකු එදින ජිවිතක්ෂයට පත්වූ අතර ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ජනවාරි 07වැනිදා තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු රාජගිරිය ප්රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙක්.
කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කරණ විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ජනවාරි 08වැනිදා තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ මට්ටක්කුලිය ප්රදේශයේ පදිංචි45 හැවිරිදි පුද්ගලයෙක් සහ කොළඹ 12 ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක්.
ඇය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
සෙසු සිව්දෙනාගෙන් තිදෙනෙකු ජනවාරි මස 10 වැනිදා ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබුණා.
එලෙස ජීවිතක්ෂයට පත්වුණේ කොළඹ 14 ප්රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්රදේශයේ පදිංචි70 හැවිරිදි කාන්තාවක්, දකුණු කළුතර පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක් සහ කාත්තන්කුඩියේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්.