එහි ප්රධාන විද්යාඥවරිය වන ආචාර්ය සෞම්යා ස්වාමිනාදන් ජිනිවා නුවරදී ඊයේ ප්රකාශ කළේ මේ නිසා සමාජ දුරස්ථභාවය රැකීම, මුව ආවරණ පැළඳීම වැනි ආරක්ෂණ පිළිවෙත් දැඩි ලෙස පිළිපැදීම අවශ්යතාවක් බවයි.
මේ වනවිට බ්රිතාන්ය, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්රංශය, කැනඩාව, ජර්මනිය, ඊශ්රායලය, ආදී රටවල් රැසක් කොරෝනා එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස ධනවත් රටවල් මුල්පෙලේ කොරෝනා එන්නත් මහා පරිමාණ වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් ලොවපුරා සියලු රටවල් අතර, එන්නත්කරණ වැඩසටහන සමාන අන්දමින් ක්රියාත්මක කිරීම ගැටලුවක් බව ලෝක සෞඛ්ය සංවිධානයේ උපදේශක ආචාර්ය වෛද්ය බෲස් අයිල්වාඞ් කියා සිටියා.