අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වරදකරුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් අද නියම කළා. සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතික මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
රංජන් රාමනායකට සිර දඩුවම් නියම කිරීමත් සමග එම සිද්ධිය වාර්තා කිරීම සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය ඉදිරිපට මේ වනවිටත් රැඳී සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණයට අපහාසවන අයුරින් අදාළ ප්‍රකාශය සිදුකරනු ලැබුවේ, 2017 වසරේ අගෝස්තු මස 21 වැනිදායි.
ඒ, එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඉන් අනතුරුවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ සහ ඉන් පිටතදීද තමන් පෙර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
ඒ අනුව පුජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසුන් ශ්‍රේෂ්ඨාධීකරණයට යොමු කල පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායකට එරෙහිව මීට අදාළ චෝදනා පත්‍රය ගොනු කර තිබුණා.
අදාළ නඩුව අවස්ථා කිහිපයදිම කැදවු අතර ඊට අදාල තින්දුව අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
නඩුව සලකා බැලුවේ සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රංජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.
ඒ අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළා.
මේ අතර අධිකරණ පරිශ්‍රයට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ද පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා.
VIDEO