ඒ අතරතුර, ට්රම්ප්ගේ බිරිඳ නර්තනයේ යෙදෙන වීඩියෝවක් ද සමාජ මාධ්ය උණුසුම් කරමින් පැතිර යන්නට වුණා.
මේ අතර, ට්රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්රම්ප්, පියාගේ කැමැත්තට පටහැනිව, ජනවාරි 20 වැනිදා පැවැත්වෙන, ජෝ බයිඩින්ගේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට නියමිත බවට ඩේලිමේල් වාර්තා කරනවා.
ධවල මන්දිරයේ අභ්යන්තරික වාර්තා සඳහන් කරන්නේ, ඇය ඇගේ දේශපාලන ජීවිතය අනතුරේ දමා ගැනීම ගැන කනස්සල්ලෙන් ඇගේ කීර්තිය යළි ගොඩ නගා ගැනීමට අසීරු උත්සහයක නියැලෙමින් සිටින බවයි.
ජනපති ට්රම්ප් මෙයින් වඩාත් කෝපයට පත්ව සිටින අතර "ඇය මෙතෙක් ගත් නරකම තීරණය" එය බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
බයිඩින්ගේ සමාරම්භක උත්සවයට සහභාගී වුවහොත් "තමා හොඳ ක්රීඩිකාවක්" (දේශපාලන පිටියේ.) වනු ඇති බවයි ඉවන්කා විශ්වාස කරන්නේ.
ඩොනල්ඩ් ට්රම්ප් පසුගිය දිනෙක ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ බයිඩීන්ගේ සමාරම්භක උත්සවයට සහභාගී නොවන බවයි. (ඔහුගේ ගිණුම් අත්හිටුවීමට පෙරදී.)
කෙසේ වෙතත්, ඉවන්කා මේ උත්සවයට සහභාගී නොවනු ඇති බවට ධවල මන්දිරයේ තවත් ආරංචි මාර්ග කිහිපයක් සඳහන් කර තිබෙනවා.