එය ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා ලෙසයි සැලකෙන්නේ.
ඉන්දීය මධ්‍යම රජය මගින් ඊයේ දිනයේදී කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා එක්කෝටි දසලක්ෂයක් මිලදී ගත් අතර, එහිදී එන්නත් මාත්‍රාවකට ගෙවූ මිල ඉන්දීය රුපියල් දෙසීයක්.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 515 කට ආසන්නයි.
එම එන්නත් මාත්‍රා තවත් හාරකෝටි පනස්ලක්ෂයක් අප්‍රේල් මාසය වනවිට මිලදී ගැනීමටයි ඉන්දීය රජය සැලසුම් කර ඇත්තේ.
ඊයේ මිලදී ගත් එන්නත් මාත්‍රාවල පළමු තොගය අද අලුයම් කාලයේ පූනේ හි සේරම් ආයතනය මගින් නිකුත් කිරීමට නියමිතව තිබුණා.
කොරෝනා වෛරසයෙන් ලොව දෙවනුව වැඩිම පීඩාවට ලක්වූ රට වන ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි හාරලක්ෂ 80,000ක් පමණ වන අතර, මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 51,000 කට අධිකයි.
ඉන්දියාව සිය කොරෝනා වෛරස් එන්නත්කරණ වැඩසටහන යටතේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවි - ඇස්ට්‍රා සෙනෙකා එන්නත සහ ඉන්දියාවේ භාරත් බයෝටෙක් කොරෝනා එන්නත සඳහා අනුමැතිය ලබාදුන්නා.
එන්නත්කරණ වැඩසටහන ලබන 16 වැනිදා ආරම්භ වන අතර, මුල් අදියර යටතේ සෞඛ්‍ය සේවකයින් සහ කොරෝනා වෛරසයට එරෙහි සටනේ මුල්පෙල බලකාය ඉලක්ක කරගෙන එන්නත් මාත්‍රා කෝටි 30 ක් ලබාදීමට නියමිතයි.