Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
12
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, කිරිඇල්ලගේ PCR ප්‍රතිඵලයත් එයි - නිරෝධායනයට උපදෙස් ලබාදී ඇති මුළු මන්ත්‍රීවරුන් ගණන 31ක්

- විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, කිරිඇල්ලගේ PCR ප්‍රතිඵලයත් එයි - නිරෝධායනයට උපදෙස් ලබාදී ඇති මුළු මන්ත්‍රීවරුන් ගණන 31ක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

67 Views
නව කොරෝනා ආසාදිතයින් 569 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,949 දෙනෙකු දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 45,186 ක්.

තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 6,618 ක් ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 42,091 ක් වන  බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ අතර, තවත් කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 08ක් ඊයේ (11) දිනයේදී වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගියා.

ඒ අතර ජනවාරි මස 06 වැනිදා, 07 වැනිදා, 08 වැනිදා, 10 වැනිදා සහ ඊයේ (11) දිනයේදී මියගිය පුද්ගලයින් වනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ වැලිකඩ බන්ධනාගාරයේ සිටි 52 හැවිරිදි රැඳවියෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

කොවිඩ් නියුමෝනියාව ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

එසේම, රාජගිරියේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ පෞද්ගලික රෝහලකදී මියගොස් ඇති අතර, ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සමඟ උග්‍ර වූ දියවැඩියා තත්ත්වයයි.

මට්ටක්කුලියේ පදිංචි 45 හැවිරිදි අයෙක් සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

කොවිඩ් නියුමෝනියාව සහ අපස්මාර තත්ත්වයන් ඔවුන්ගේ මරණවලට හේතුව ලෙස දැක්වෙනවා.

එසේම, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලේදී මියගොස් ඇති අතර, ඒ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන්.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්ද මියගොස් ඇත්තේ හෝමාගම මූලික රෝහලේදීයි.

ඇය කොවිඩ් නියුමෝනියා තත්ත්වයත් සමඟ උග්‍ර වූ වකුගඩු රෝගයකින් මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, දකුණු කළුතර පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී මියගොස් ඇති අතර, කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂවීම මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

මීට අමතරව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද වැලිකන්ද මූලික රෝහලේදී ඊයේ දිනයේදී මියගොස් ඇති අතර, එම මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව සමඟ ලේ විෂවීම බව සඳහන්.

කොරෝනා වෛරසය ආසාදනය වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු වී ස්වයං නිරෝධායනය වන ලෙස ඊයේ දැනුම් දුන්නා.

එමෙන්ම, වාසුදේව අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා.

මීට පෙර අමාත්‍ය දයාසිරි ජයසේකරට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

එසේම, අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේට ද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර, ඒ අනුව, ඔහුගේ ආශ්‍රිතයන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට ස්වයං නිරෝධායනයට උපදෙස් ලබාදී ඇති මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 31 ක්.

මේ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශය අමතා ප්‍රකාශ කළේ තමාට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවයි.

මේ අතර, කොරෝනා තත්ත්වය හමුවේ තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුම්රිය ගමන්වාර 51 ක් අද සිට යළි ධාවනය සඳහා එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව, දෛනිකව ධාවනය කරවනු ලැබූ සියලුම දුම්රිය සේවා වාර ලබන 25 වනදා සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top