ජනප්‍රිය නිළි අනුෂ්කා ශර්මා ගැහැනු දරුවෙකු බිහි කර තිබෙනවා.
අනුෂ්කාගේ සැමියා මෙන් ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ට්විටර් සටහනක් තබමිනුයි මේ බව කියා සිටියේ.
අපට දැන් ගැහැනු දරුවෙකු සිටින බව ඔබ සැමට දැන්වීමට කැමැතියි යනුවෙන් ද එම සටහනේ දක්වා තිබුණා.
අනුෂ්කා විසින් අද දහවල් කාලයේදී දරුවා ප්‍රසූත කළ බවයි කෝලී කියා සිටියේ.
මව සහ දරුවා නිරෝගී සුවයෙන් පසුවන බවත්, නිරෝගීමත්ව අපගේ ජීවිතයේ නව අදියර ආරම්භ කිරීමට සූදානමින් සිටින බවත් ඔහු එහිදී අවධාරණය කළා.