අන්තර්ජාලය හරහා ගැනුම්කරුවන් සොයාගෙන.......
උපාය දුතයෙකු යොදා ගනිමින් සිදුකළ වැටලීම
අන්තර්ජාලය හරහා ගැනුම්කරුවන් සපයා ගැනීම සදහා වෙබ්අඩවිවල දැන්වීම් පළකරමින්, ගල්කිස්ස ප්රදේශයේ ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (10) ගල්කිස්ස පොලිසිය විසින් වටලා තිබෙනවා .
වෙබ් අඩවිවල පලකර තිබූ දැන්වීම් වලට අනුව උපාය දුතයෙකු යොදා ගනිමින් සිදුකළ වැටලීමකදී සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්කිස්ස පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තවත් සැකකාරියන් නවදෙනෙකු අත්අඩංගුවට ගත බවයි පොලිසිය සදහන් කළේ.
මෙම සැකකාරියන් වයස අවුරුදු 25 ,28,30 යන වයස්වල පසුවන්නන්.
මොවුන් වැලිමඩ , බණ්ඩාරගම, මාතර යන ප්රදේශවල පදිංචිකරුවන් වන අතර කොළඹ රැකියාවකට යන බව නිවාස වලට පවසමින් පැමිණ මෙම වෘත්තීයේ නිරතව තිබෙනවා .
පන්දහසකට වැඩි මුදලකට අලෙවි වන මෙම සැකකාරියන් ගල්කිස්ස දෙමහල් ගොඩනැගිල්ලක කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.
අදාළ සැකකාරියන් අද (11) දින ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.