හිරෙන් නිදහස්ව පැමිණ අනියම් බිරිඳ සමග එක්ව කුඩු ජාවාරමේ නියුතුව සිටි පුද්ගලයකු සහ අදාළ කාන්තාව රුපියල් අනූදහසකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමගින් පෙරේදා (09 දා) රාත්‍රී අත්අඩංගුවට ගැනීමට එගොඩඋයන පොලිසිය සමත්ව තිබේ.
ලද තොරතුරක් මත පො.ප. අනිල් මාසකෝරාළ ඇතුඵ පොලිස් කණ්ඩායමක් එදින රාත්‍රී සැකකරුගේ නිවස වටලා පරීක්‍ෂා කිරීමේදී කුඩු මිලිග්‍රෑම් 6800 ක් අඩංගු කුඩු පැකට් 136 ක්, මුදල් රුපියල් 9070 ක්, ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබේ.
කාන්තා කොස්තාපල් චන්දිමා ලවා සැකකාරිය පරීක්‍ෂා කිරීමේදී තිසරපට අස්සේ සඟවාගෙන තිබූ හෙරොයින් පැකට් 46 ක් සොයාගත් බවත්, සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබීද කුඩු සොයාගත් බවත් පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එගොඩඋයන පදිංචි දෙදෙනෙකි.
සැකකරු බන්ධනාගාරගතව සිට කොරෝනා වසංගතය හේතුවෙන් ලබාදුන් සහනය මත මෑතකදී හිරෙන් නිදහස්ව පැමිණ සිය නීත්‍යානුකූල බිරිඳව අතහැර අදාළ කාන්තාව සමගින් එක්ව ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරුවන් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එගොඩඋයන ස්ථානාධිපති පො.ප. අනිල් මාසකෝරාළ මහතා සමගින් සැරයන් වරුන් වන (60681) මධුසංඛ, පො.කො. වරුන් වන (93879) කැලූම්, (94385) චන්දික, (9668) මධුසංඛ සහ කා.පො.කො. (11038) චන්දිමා වැටලීමට එක්වූහ.
මව්බිම