Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
"බොරුවට විවාහ වෙලා, ස්වාමිපුරුෂයාට වෙනම ගැහැණු ඉන්නවා. බිරිඳට වෙනම පුරුෂයෝ ඉන්නවා, ඒකටද ආදරේ කියන්නේ.." - වොල්ගා කල්පනී

- "බොරුවට විවාහ වෙලා, ස්වාමිපුරුෂයාට වෙනම ගැහැණු ඉන්නවා. බිරිඳට වෙනම පුරුෂයෝ ඉන්නවා, ඒකටද ආදරේ කියන්නේ.." - වොල්ගා කල්පනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,242 Views
"ගැලපෙනවා නම් එකතු වෙලා ඉන්න පුළුවන්. නැත්නම් අයින් වෙන්න පුළුවන්..."

"මගේ අම්මා තාත්තා බලාගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත් මම ජිවත් වෙනවා.."

ජනවාරි මාසයේ මැද ඉඳන් අලුත් ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා. ලක්ෂමන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ. ඒකේ රූගත කිරීම් කටයුතු මේ දවස් වල කරනවා.

2020 ගැන මොකද හිතෙන්නේ?
2020 අවුරුද්ද ගැන අපි රටක් විදිහට ලෝකයක් විදිහට බලාපොරොත්තු වුනු දේවල් කර ගන්න බැරිවුණා. හැබැයි මම හිතනවා සමහර වෙලාවට ජීවිතයට ස්වභාව ධර්මයා අපට පාඩම් කියලා දෙනවා. ඉතිං මේකත් අපිට කියලා දීපු පාඩමක් කියලා හිතෙනවා. මොකද අපේ මිනිස්සුගේ එන්න එන්නම නරක ගති, කුහක ගති වගේ දේවල් එන කොට මේ වගේ විවසනයක් ආවාම එකිනෙකාට උදව් කරන එක ආයේ අපිට මතක් වුණා. අපි හැමෝම මිනිස්සු කියලා මතක් වුණා. මේ රෝගය සල්ලි තියෙන මනුස්සයාටත් හැදුනා, දුප්පත්ම මනුස්සයාටත් හැදුනා. ඒ නිසා ජීවිතේ කියන්නේ මොකක්ද කියන දේ පහුගිය අවුරුද්දේ වටහා දුන්නා සහ ඒකෙන් පාඩම් ඉගෙන ගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයි ඉස්සරහට.

පෞද්ගලික ජීවිතයට පසුගිය අවුරුද්දේ වුනේ මොකක්ද?
ඇත්තටම පෞද්ගලික වශයෙනුත් යම් කිසි දේවල් වුණා. සමහර වෘත්තින් වගේ නෙමෙයි අපේ වෘත්තීය. අපේ වෘත්තීය සහ ගායක ගායිකාවේ සහ සංගීත කණ්ඩායම් වගේ සියලු දෙනාට එතරම් හොඳම කාලයක් නෙමෙයි පසුගිය අවුරුද්ද. අපේ වෘත්තීයන් මිනිස්සුන් එක්ක ගැවසිලා කරන වෘත්තීයන්. ඉතිං අපිට කර ගන්න බැරි වෙච්ච තැන් තිබුණා. සමහර රජයේ සේවකයන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ, සමහර කාර්යාල වල වැඩ කරන අයට ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ නිසා අපේ ගොඩක් අයගේ ජීවිත වලට යම් කිසි දේවල් දරා ගන්න වුණා. මම නම් ඕනම දෙයක් දරා ගන්න පුළුවන් කෙනෙක්. ඉතිං ඒ දේවලුත් දරාගෙන ජීවත් වුණා.

මේ අවුරුද්ද හැමෝටම හොඳක් වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවාද?
ඇත්තටම මම පෞද්ගලිකව හිතනවා මේ අවුරුද්ද හොඳ වෙයි කියලා. මොකද මම සාමාන්‍යයයෙන් ඊයේ වෙච්ච දේ අමතක කරලා අද හොඳම දවස කියලා හිතන කෙනෙක්. ඒ නිසා මට ආදරය කරන රසික රසිකාවියන්ට කියන්නේ මේ අවුරුද්ද අපිට හොඳ වෙයි. අපි ආරක්ෂා වෙලා පුළුවන් හැමදේම කර ගමු කියලා. මම විශ්වාස කරනවා මේ අවුරුද්ද අපිට හරි යයි කියලා.

රසිකයන්ගෙන් ලැබෙන ආදරේ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ලෝකයේ වාසනාවන්තම රැකියාව කරන්නේ අපි. කලාව කියන්නේ එහෙම රැකියාවක්. අපේ ජීවිතයේ වැදගත්ම කොටසක් තමයි මේ රසික ජනතාවගේ ආදරේ ඇතැම් නිර්මාණ වලින් දැක්කා නොදැක්කා වැඩක් නැහැ. කොහේ හරි තැනකදී ගියහම අපිට තියෙන ආදරේ, අපිට තියෙන ගෞරවය මම පෞද්ගලිකව අත්විඳලා තියෙනවා. ඒ නිසා මම අපේ සියලුම කලාකරුවන් වෙනුවෙන් ඔවුන්ට ගෞරව කරනවා. මම පසුගියදාත් ෆේස්බුක් එකෙත් සටහනක් දැම්මා සියලුම කලාකරුවන් වෙනුවෙන් ආදරණීය රසික රසිකාවියන්ට ගෞරවය පුද කරනවා කියලා.

රසිකයන් කලාකරුවන්ට තියෙන ආදරේ නිසා ඔවුන්ගේ හොඳ දේ වගේම නරක දේවලුත් ජීවිතයට ගන්නවා නේද?
ආදරය වැඩි නිසයි මේ හැමදේම. සමහර විට අපේ පෞද්ගලික ජීවිතයේ මොකක් හරි වෙනසක් වෙච්ච ගමන් ඒ අයට තරහ යනවා. ඒ තරහ යන්නේ අපිට ආදරේ වැඩි නිසානේ. ඒ අයට දුක නිසයි. ඒ නිසා මම කියන්නේ කලාකරුවන්ගෙන් ගත යුතු දේ විතරක් අරගෙන ජීවිතය ඒ විදිහට ගෙනියන්න. කලාකරුවෙක් විදිහට මට නම් ආඩම්බරයක් අපි විදිහට ජීවිත් වෙන්න උත්සහ කරන එක, අපි ගැන මේ විදිහට හොයලා බලන එක, මම නම් කියන්නේ අපිට ආදරේ වැඩි නිසයි වෙන්න.

නැවතත් ආදරවන්තියක් වෙන්නේ නැද්ද?
මම ආදරේ කියන එක විශ්වාස කරනවා. දෙවියෝ, බුදුන්වහන්සේ, ජේසු වහන්සේ සහ ස්වභාවධර්මය මම විශ්වාස කරනවා. හිතනවා මේ අවුරුද්දේ එහෙම කිසිම දෙයක් වෙන්නේ නැති වෙයි කියලා. හිත කියන එක අමුතු දෙයක් නේ. නමුත් මම හිත හදා ගන්නවා.

ආදරේ විශ්වාසයි, විවාහය අවිශ්වාසද?
විවාහය මම දැඩි ලෙස අවිශ්වාස කරනවා. විවාහය කියන්නේ තනිකර බොරුවක්. ඒක මම ඕනෙම තැනක කෙලින් කියනවා. ඒක ලංකාවේ තියෙන බොරු සම්ප්‍රදායක්. බොරුවට නීත්‍යානුකූල විවාහක්, බොරුවට කොලයක් ගන්නවා, ඒකේ නම් දෙකක් සහ බොරු අත්සන් දෙකක් තියෙනවා. හැබැයි ස්වාමිපුරුෂයාට වෙනම ගැහැණු ඉන්නවා. බිරිඳට තවත් වෙනම පුරුෂයෝ ඉන්නවා. මම කියන්නේ මේක නෙමෙයි ආදරේ. ඒක කොලයට සීමා කරන්න බෑ. විවාහය මම විශ්වාස කරන්නේම නැහැ.

මේ කාරණා නිසාද ලෝකයේ living together සංකල්පයක් නිර්මාණය වෙලා තියෙන්නේ?
මමත් සිංහල බෞද්ධ. මගේ තාත්තාගේ ගම මාතලේ. සමරහ වෙලාවට මම මේ කියන කතාවට මිනිස්සු විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි එකට ජීවිත් වෙලා අපි ගැලපෙනවාද නැද්ද කියන එක බලලා එකතු වෙන එක තමයි හොඳ කියලා මම විශ්වාස කරනවා. මොකද මගේ පෞද්ගලික අත්දැමීමෙන් මම දැකලා තියෙනවා ලස්සනට පොරුවල, ලස්සනට පල්ලි වල විවාහ වෙච්ච මිනිස්සු උසාවියේ ඇතුලේ කූඩු දෙකකට වෙලා රණ්ඩු කරනවා මම ඇස් දෙකට දැකලා තියෙනවා. මම කියන්නේ එහෙම විඳවන්න ඕනේ නැහැ. ගැලපෙනවා නම් එකතු වෙලා ඉන්න පුළුවන්. නැත්නම් අයින් වෙන්න පුළුවන්. විවාහය කියන දේ මුලින්ම කර ගත්තාම වෙන්නේ අන්තීමට රණ්ඩු වෙනවා, වන්දි ඉල්ලනවා, ලැජ්ජා වෙනවා. අපේ රටේ ගොඩක් දේ තුල බොරුවනේ තියෙන්නේ. බොරුවට පෝරුවට නැගලා, කැන්ඩියන් එකක් ඇඳලා විවාහ වෙන එක මම ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ. සමහර දෙනෙක් හිතන්න පුළුවන් මගේ අත්දැකීම නිසා කියලා. නමුත් එහෙම නෙමෙයි, හැබැයි මේ කිසිම දෙයක් ඇතුලේ විශ්වාසය කියන දේ නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා ඒ සංකල්පය ඇත්තටම වරදක් නැහැ. හැබැයි මගේ අම්මා තාත්තා වුණත් ඒ සංකල්පයට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ අය හැදිච්චි විදහත් එක්ක. හැබැයි මම හිතන්නේ ඒ දේ නිසා ප්‍රශ්න අඩුවෙන්න පුළුවන්.

ව්‍යාපාර වලින් ඈත් වුණා නේද? ආයේ ව්‍යාපාර වලට යොමු වෙන්නේ නැද්ද?
පටන් ගන්න අදහසක් තියෙනවා. නමුත් පහුගිය කාලේ සිංහලෙන්ම කිව්වොත් හම්බ කරන්න හම්බුනේ නැහැ. ඉතිං ඒ නිසා ඒ බලාපොරොත්තුව 2022 හෝ 2023 දක්වා කල් යයි. ඒ නිසා රංගනයෙන් පැත්තෙන්ම කටයුතු කරයි. නමුත් මෙගා ටෙලි නාට්‍යයට වලට සම්බන්ධ වෙනවා අඩුයි. ඉස්සර කියනවා වගේ හොඳම කියන එක ඉස්සරහට දා ගන්න තමයි උත්සහ කරන්නේ.

අවසාන වශයෙන් කිව්වොත් මේ අවුරුද්දේ තියෙන ලොකුම බලාපොරොත්තුව?
මම කැමතියි රටේ ලෝකේ හැමෝම හොඳින් ඉන්නවාට. ආදරය කරන හැමෝමට සතුටින් ඉන්නවාට කැමතියි. මගේ ජීවිතේ නම් තියෙන ලොකුම බලාපොරොත්තු රංගනය පැත්තෙන් යන්න පුළුවන් ඉහළම තැනට ගිහිල්ලා ජනතාවගෙන් තව තව ආදර වැඩි වෙලා මගේ අම්මා තාත්තා බලාගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන එකයි.

ඩිලාන් ක්‍රිෂාන්ත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top