චීනයෙන් ඊයේ දිනයේදී නව කොරෝනා වෛරස් ආසාදිතයන් 103 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය පසුගිය ජූලි 30 වනදා එනම්, මාස 05 කට පසු වාර්තා වූ ඉහළම අගයයි.
ඉන් 18 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අය වන අතර අනෙක් 85 දෙනා දේශීය වශයෙන් ආසාදිත වූවන්.
චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ නව ආසාදිතයන් 82 දෙනෙකුම හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වන බවයි.
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ ආරම්භය සිදුවූයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.