සමාජ මාධ්‍ය හරහා ප්‍රතිචාර දක්වමින් මිතුරුවන තරුණයින් ඉතා සුක්ෂම අයුරින් ගණිකා වෘත්තිය සඳහා යොදවා ගන්නා සුරූපී කාන්තාවන් තිදෙනකු පෙරේදා (09) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.
පිළියන්දල - මොරටුව මාර්ගය, හොරණ පාර සහ කැස්බෑව විකල්ප මාර්ගයේ යන ස්ථාන තුනකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පිළියදල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.
කාන්තාවන් මිලදී ගන්නා මුවාවෙන් පොලිස් උපයාදූතයින් යොදවා මෙම වැටලීම සිදුකර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා 48, 26 සහ 24 යන වයස්වල පසුවන්නියන් බවයි වාර්තා වන්නේ.
ඉංගිරිය සහ මාතලේ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනකු සහ පරිවාස භාරයේ හැදී වැඩී, පසුව විවාහ වී එම විවාහයද හැර ආ දෙදරු මවක්ද ඒ අතර සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.