ඕස්ට්‍රේලියාවේ තරඟ සංචාරවල නිරතවන බොහෝ ක්‍රිකට් කණ්ඩායම් වර්ගවාදී පරිභව කිරීම්වලට කලක සිට ලක් වනවා.
තරඟ නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් විසින් අනිකුත් කණ්ඩායම්වල ක්‍රීඩකයින්ට මෙලෙස පහත් ලෙස සැලකීම සිදුකරනු ලබන අතර මෙවැනි සිදුවීමකට මුහුණදීමට මේ දිනවල ටෙස්ට් තරඟාවලියක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින ඉන්දීය කණ්ඩායමට ද සිදුවුණා.
ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ජස්ප්‍රිත් බුම්රා සහ මොහොමඩ් සිරාජ්ට සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයන් විසින් මෙලෙස වර්ගවාදී වාග් ප්‍රහාර එල්ල කිරීම දෙරට අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟය අතර තුර දක්නට ලැබුණා.
මේ හේතුවෙන් තරඟය විනාඩි 10 කට පමණ නතර කෙරුණු අතර අදාළ පුද්ගලයන් ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමටයි ක්‍රීඩාංගන ආරක්ෂක අංශ කටයුතු කළේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිලි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලි විසින් ඇතැම් ප්‍රේක්ෂකයින්ගේ මෙම ක්‍රියා කලාපය හෙලා දැක තිබෙනවා.
ඔහුද පවසන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විමර්ශනයක් ආරම්භ කර ඇති බව තොරතුරු වාර්තා වනවා.