ඊ.ටී.අයි. වංචාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ගේ සියලු දේපල පවරා ගන්නාතුරු ඔවුන්ට ඇප ලබා නොදෙන්නැයි ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය අද ඉල්ලීමක් කළා.
ඒ කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකදීයි.
මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ, වැලිකඩ බන්ධනාගාරයේ මීට පෙර කාන්තා අංශය පැවති ස්ථානයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බව අද වාර්තා වුණා.
ඊ.ටී.අයි සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන දීපා එදිරිසිංහ, නිරෝධායනය සඳහා යොමුකර ඇත්තේ කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයේ ස්ථාපිත නිරෝධායනය මධ්‍යස්ථානය වෙතයි.
ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මගින් පෙරේදා දෙවන වරටත් අත්අඩංගුවට ගැනුණා.
ඔවුන් ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණ නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවැති තැන්පතු මුදල් පෞද්ගලික සුඛ විහරණය සඳහා සාවද්‍ය පරිහරණය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.