පවතින කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් 06ක් හෙට (11) විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.
වව්නියාව දිසාපති සමන් බන්දුලසේන සඳහන් කළේ වව්නියාව දෙමළ මහා විද්‍යාලය, ගාමිණී ජාතික පාසල, දෙමළ කතෝලික මිශ්‍ර පාසල, රම්බකුලම බාලිකා විදුහල, සයිව ප්‍රකාශ විදුහල හා වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලය යන පාසල් මෙලෙස විවෘත නොකිරීමට තීරණය කළ බවයි.
ඒ අනුව, එම පාසල් විවෘත කරන දිනය ඉදිරි දිනකදී දැනුම්දීමට කටයුතු කරන බව ද දිසාපතිවරයා සඳහන් කළා.
මේ අතර, අම්පාර නාගරික බල ප්‍රදේශයේ පිහිටා ඇති පාසල් කිහිපයක් ද හෙට දිනයේ විවෘත නොකිරීමට අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර තිබෙනවා