ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ශෙහාන් ජයසූරිය අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.
පවුලේ සියලු දෙනාම මෙලෙස අමෙරිකාවේ පදිංචි සඳහා පිටත් ගොස් ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
පසුගිය දා ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමුගන්නා බව නිවේදනය කළා.
අනතුරුව ඔහු අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම සමඟ සම්බන්ධවීමට සූදානමින් සිටින බව ද සඳහන්.
ශෙහාන් ජයසූරිය සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවේ හිම ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණ වෙමින් තිබීමත් විශේෂත්වයක්.