යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබූ සැමරුම් ස්මාරයක් ඉවත් කරනු ලැබුවේ එහි පරිපාලනය බවත්, ඊට ආරක්ෂක අංශවල කිසිදු මැදිහත්වීමක් නොමැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මීගමුව රෝහලේ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසා සිටි අවස්ථාවේදියි.
මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ අදාළ ස්මාරකය උතුර හා දකුණ අතර සමගියට බාධාවක් විය හැකි බැවින් එය ඉවත් කිරීම කාලෝචිත ක්‍රියාවක් බවයි.
මෙම ස්මාරකය ඉවත් කිරීමටත් සමඟ යාපනය සරසවියේ සිසුන් ඇතුලු පිරිසක් ඊයේ රාත්‍රියේ විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණ නොසන්සුන්කාරි ලෙස හැසිරුණා.
මෙම සිද්ධිය පාලනය කර විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා තිබුණා.
පොලීසිය සඳහන් කළේ සිසුන්ට අමතරව දෙමළ ද්ශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන්ද විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණ සිටි බවයි.
යුද්ධය අවසන් වී දස වසරක් ගතවීම නිමිත්තෙන් මෙම සැමරුම් ස්මාරකය සකස් කර තිබූ බවයි සරසවි සිසුන් ප්‍රකාශ කළේ.
මෙම සිද්ධියට විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
තවදුරටත් යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර, ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ සිසුන් කිහිපදෙනෙකු පමණක් එම පරිශ්‍රය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇති බවයි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් හින්දු පුවත්පතද වාර්තා කර තිබූ අතර තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඊ. පලනිසාමි ද ඊට විරෝධය පළ කළා.