මඩකලපුව, කලවංචිකුඩි තේතානිව් කලපුවේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ උදෑසන 8.30ට පමණ කලවංචිකුඩි පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් පමණ වන විවාහක පිරිමි පුද්ගලයෙක්.
මීට දින දෙකකට පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති අතර අතර සිරුර හමු වන බෙහෙවින් ඉදිමී තිබු බව සඳහන්.
මියගිය පුද්ගලයා මානසික රෝගයකින් පෙළී ඇති අතර රෝගය හේතුවෙන් සිහිමද තත්වයෙන් ඇවිද යමින් සිටියදී කලපුවට වැටී මරණය සිදුව ඇති බවයි වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
පරීක්ෂණවලින් අනතුරුව මෘත දේහය පවුලේ සාමාජිකයින්ට භාරදීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේ.