බිමල් ජයකොඩි කියන්නේ කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රේක්ෂක හිත්වල එක වගේම ආදරයක් දිනාගත්ත ප්‍රවීණ රංගන ශිල්පියෙක්.
ගායනය, නිවේදනය වගේ කලා ක්ෂේත්රයේ විවිධ විධ අංශයන්වලින් දස්කම් දක්වන බිමල් මේ දවස්වල ගොඩක් අයගේ විශේෂ කතා බහකට ලක්වෙලා තියනවා.
වරක් බැලූ සැණින් නැවත වතාවක් හැරී බලන්නට හිතෙන තරමේ මනා පෞර්ෂයක් බිමල් සතුව තියනවා කියන එකනම් නොරහසක්..
ඉතිං මෙම නළුවා සිය වීරයා ගැන බුකියේ සටහනක් දමා තිබුණේ මෙලෙසින්....
"මගේ වීරයා...
මේ ඉන්නේ,ඒ කාලේ ටෙලිවිෂන් එකේ Robin hood ට පස්සේ මම වැඩියෙන්ම ආස කරපු මගේ වීරයා,මෙයා වගේ වෙන්න කොච්චර නම් try කරලා ඇද්ද, කොච්චර imitate කරලා ඇද්ද, ඇවිදින විදිහ,කන බොන විදිහ. එයා injury එකක් නිසා පොඩ්ඩක් කොන්දෙන් නැවිලා ඇවිදින්නේ (ඒ injury ඒක නිසා කියලා දැනගත්තේ මේ මුනගැහුනු වේලේ ) එයා වගේ මමත් ටිකක් කොන්ද නාවා ගෙන යනවා. කොහොම හරි එව්ව නම් යාලුවෝ විහිළු කරද්දීත් පුළු පුළුවන් විදියට කලා, හැබැයි ක්‍රිකට් ගහල නම් එයා කිට්ටුවට තියා පලාතටවත් එන්න හමිබඋනේ නැහැ,2000 විතර අහම්බෙන් කොළඹ හෝටලයකදි මම එයාව දැකලා රොෂාන් මහානාම කියලා ටිකක් සද්දෙට කියවුනා මම හිතන්නේ,,ඒ මුහුණෙ තිබුණේ නිර්ව්‍යාජ හිනාවක්,ඒක ඇත්ත හිනාවක්,ඊට පස්සෙ අහම්බෙන් ඔහු හමුඋනු අවස්ථා වල ඔහුගෙන් උගත් දෑ බොහෝයි. ක්‍රිඩාව පමණක් නොව, ජීවිතය,සමාජය, දේෂපාලනය,සමාජ සත්කාර, ඇතුලු බොහෝදේ ගැන ඔබේ දැක්ම. ඔබ අදටත්, හෙටටත්, මට මගේ වීරයා නිරන්තරයෙන් සිහිගන්වනු ඇත......
රොෂාන් මහානාම
වචනයේ පරිසමාප්තයෙන්ම ඔබ මහා...නාමයකි
Legends are forever........."