ඊ.ටී.අයි ආයතනයේ සිදුවූ මුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ආයතනයේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
අප වාර්තාකරු ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා දහවල් ඔවුන් රැගෙන ආ බවයි.
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් ඊ.ටී.අයි හිටපු අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනාගේ ඡායාරූප සහිත බැනර් ප්‍රදර්ශනය කරමින්, එම අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් ද ආරම්භ කර තිබෙනවා.
ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්යක්ෂ මණ්ඩලය වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යළිත් ඊයේ අත්අඩංගුවට ගත්තේ බොරැල්ල ප්‍රදේශයේදියි.
ඒ, නීතිපතිවරයාගේ උපදෙස් මත ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 6.4 කට අධික මූල්‍ය වංචාවකට අදාළවයි.