Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
චීන රජය විවේචනයට ලක් කළ ජැක් මාගේ හදිසි අතුරුදන්වීම චීන කොමියුනිස්ට් පක්ෂයේ වැඩක්ද....? - Video

- චීන රජය විවේචනයට ලක් කළ ජැක් මාගේ හදිසි අතුරුදන්වීම චීන කොමියුනිස්ට් පක්ෂයේ වැඩක්ද....? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,152 Views
චීනයේ ධනවත්ම පුද්ගලයකු සහ ඉතා ජනප්‍රිය චරිතයක් වන අලිබාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා ගැන මාස දෙකකට ආසන්න කාලයක් තුළ කිසිදු තොරතුරක් නැත. ඔහුට සිදුව ඇත්තේ කුමක්ද යන්න මෙම ලිපිය ලියන සිකුරාදා උදෑසන වනවිටත් පැවැතියේ අබිරහසක් හැටියටය. 
 
56 වැනි වියෙහි පසුවන ජැක් මාගේ වත්කම මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 50කි. ඔහුගේ හදිසි අතුරුදන් වීම ගැන මුලින්ම අවධානය යොමු වූයේ ඔක්තෝබර් මාසයේ පැවැති එක්තරා රියැලිටි වැඩසටහනක අවසන් තරගය විනිශ්චය කිරීම සඳහා ඔහු නොපැමිණීමත් සමඟිනි. Africa’s Business Heroes නමැති මෙම වැඩසටහන ජැක් මා විසින්ම ආරම්භ කරන ලද්දකි.

එහි අවසන් තරගයේ තරගකරුවන් හමුවීම සඳහා තමා ඉතා කැමැත්තෙන් පසුවන බව ඊට දින කිහිපයකට පෙර ඔහු ප්‍රකාශ කර තිබිණි. මෙම තත්ත්වය තුළ ජැක් මා එම අවසන් තරගයේ විනිශ්චය කටයුතුවලට සහභාගි නොවීම යම් කුතුහලයක් ඇති කළ සිදුවීමක් විය. එම වැඩසටහනට අයත් වෙබ් පිටුවේ පළ වූ විනිශ්චය මණ්ඩල සාමාජිකයන්ගේ ඡායාරූප අතරින්ද ඔහුගේ ඡායාරූපය ඉවත් කර තිබිණි. මීට අදාළව නිවේදනයක් නිකුත් කරමින් අලිබාබාහි ප්‍රකාශකයකු පවසා තිබුණේ වේලාවන් සම්බන්ධ ගැටලුවක් නිසා එයින් පසු ජැක් මාට විනිශ්චය කටයුතු සඳහා සහභාගි වීමට නොහැකි වනු ඇති බවයි. 
 
රියැලිටි වැඩසටහනින් පමණක් නොව සිය සමාජ මාධ්‍ය කටයුතුවලින්ද ජැක් මා අතුරුදන් වූ බවක් දැකිය හැකි විය. ඔක්තෝබර් මාසයෙන් පසු ඔහුගේ ට්විටර් ගිණුම අක්‍රිය වී ඇති ආකාරයක් දැකගන්නට ලැබිණි. දිනකට ට්විටර් පණිවුඩ කිහිපයක් සටහන් කරමින් එම අඩවිය තුළ ඉතා ක්‍රියාශීලී කෙනකු ලෙස සිටි ජැක් මා මේ ආකාරයෙන් එම කටයුතුවලින් ද ඉවත් වීම  ඔහු පිළිබඳ කුතුහලය තවත් තීව්‍ර කරන්නට හේතු විය. මෙම අපූරු බිලියනපතියා මේ ආකාරයෙන් අතුරුදන් වූයේ ඔහු චීන පාලකයන්ගේ උදහසට ලක්ව සිටි පසුබිමක බව වාර්තා වේ. එයට හේතු වී තිබුණේ පසුගියදා ෂැංහයි නුවර පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු විසින් කරන ලද කතාවකි. එහිදී ඔහු චීනයේ මූල්‍ය නියාමන කටයුතු මෙන්ම රජයේ බැංකු පද්ධතියද දැඩි විවේචනයට ලක්කර ඇති බව සඳහන් විය. ජැක් මා මෙම නියාමන ක්‍රමවේද හ¾දුන්වා තිබුණේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රය තුළ නිර්මාණාත්මකභාවය මොට කරන පද්ධතියක් වශයෙනි. එහි වෙනස්කම් සිදුකළ යුතු බවද ජැක් මා එහිදී අවධාරණය කළේය. ඔහුගේ කතාව චීනය පාලනය කරන කොමියුනිස්ට් පක්‍ෂය විවේචනය කිරීමක් ලෙස එහි නායකයන් භාර ගන්නට ඇති බව බොහෝ නිරීක්‍ෂකයන්ගේ අදහස විය. 
 
කෙසේ හෝ වේවා මෙම සිද්ධියෙන් පසු ජැක් මාගේ ව්‍යාපාර සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට බලධාරීන් ක්‍රියාකර තිබිණි. ඔහු විසින් ආරම්භ කරන ලද තවත් සමාගමක් වූ ඈන්ට් සමූහයේ දැවැන්ත කොටස් නිකුතුවක් නොවැම්බරයේ සැලසුම් කර තිබූ නමුත් එය හදිසියේ නතර කිරීමට රජය පියවර ගත්තේය. මෙය ඇමෙරිකානු ඩොලර් බිලියන 37ක වටිනාකමින් යුතු කොටස් නිකුතුවක් බව මාධ්‍ය අනාවරණය කළේය. යම් හෙයකින් එය ක්‍රියාත්මක වී නම් ජැක් මාගේ වත්කම් තවත් විශාල ප්‍රමාණයකින් ඉහළ යන්නට නියමිතව තිබිණි. ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ මෙම කොටස් නිකුතුව නතර කිරීමට පියවර ගත්තේ ජනාධිපති ෂි ජින්පිංගේ ඍජු නියෝගයක් මත බවයි. 
 
මේ අතර අලිබාබා සමාගම ව්‍යාපාරික ක්‍ෂේත්‍රය තුළ ඒකාධිකාරී ස්වරූපයෙන් කටයුතු කරන බවට ද චෝදනාවක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගැනිණි. ජැක් මා සහ තවත් නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබූ බවක් ද සඳහන් විය. ජැක් හදිසියේ අතුරුදන් වූයේ මෙවැනි උණුසුම් පසුබිමක් තුළයි. ඔහු අත්අඩංගුවට ගත්තාද නැතහොත් නිවාස අඩස්සියේද යන සැක සංකා පවා ඇතැම් පාර්ශ්ව මතු කරමින් සිටිනු දැකිය හැකි විය. 
 
මෙම ආන්‍ෙදා්ලනාත්මක තත්ත්වය නිසා අලිබාබා සමාගමේ කොටස් මිල ද පහත වැටිණි. ඒ හේතුවෙන් ජැක් මාගේ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 10කින් පමණ අඩු වූ බැව් වාර්තා විය. මේ නිසා එතෙක් චීන බිලියනපතියන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැන සිටි ඔහු එහි තුන්වැනි තැන දක්වා තල්ලු වී ගියේය. නමුත් ෂොංග් ෂන්ෂාන් නමැති තවත් බිලියනපතියකු පසුගියදා හදිසියේ ඉදිරියට ඒමත් සමඟ ජැක් මා දැන් සිටින්නේ සිවු වැනි තැනයි. ලෝක ධනපතියන් අතර ඔහුට හිමි වන්නේ 25 වැනි ස්ථානයයි.
 
කෙසේ හෝ වේවා ජැක් මාට සිදුවූයේ කුමක්ද? ඔහු සිටින්නේ කොහේද? ඔහු අත්අඩංගුට ගනු ලැබුවාද? නිවාස අඩස්සියේද? වැනි සැක සංකා සංසරණය වෙද්දී සීඑන්බීසී නමැති පුවත් සේවයේ මාධ්‍යවේදියකු ජැක් මා පිළිබඳ තොරතුරු දන්නා මූලාශ්‍රයක් උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ ඔහු අතුරුදන්ව හෝ අත්අඩංගුවට ගෙන හෝ නොමැති බවයි. ඒ වෙනුවට ඔහු තරමක් අප්‍රකටව ජීවත් වන බව එම වාර්තාවෙහි සඳහන් විය. කෙසේ වෙතත් මේ සියල්ල පිළිබඳ ඇත්ත නැත්ත තවමත් ඇත්තේ නිශ්චිතව පැවැසිය නොහැකි තත්ත්වයකය. මෙම අබිරහස කෙසේ විසඳෙනු ඇද්ද යන්න සම්බන්ධයෙන් බොහෝදෙනා බලා සිටින්නේ මහත් කුතුහලයෙන් යුතුව බව සඳහන් කළ හැකිය. 
 
සනත් වික්‍රමගේ
මව්බිම 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top